«عُرِضَتْ عَلَيَّ الأُمَمُ، فَجَعَلَ النَّبِيُّ وَالنَّبِيَّانِ يَمُرُّونَ مَعَهُمُ الرَّهْطُ، وَالنَّبِيُّ لَيْسَ مَعَهُ أَحَدٌ، حَتَّى رُفِعَ لِي سَوَادٌ عَظِيمٌ، قُلْتُ: مَا هَذَا؟ أُمَّتِي هَذِهِ؟ قِيلَ: بَلْ هَذَا مُوسَى وَقَوْمُهُ، قِيلَ: انْظُرْ إِلَى الأُفُقِ، فَإِذَا سَوَادٌ يَمْلَأُ الأُفُقَ، ثُمَّ قِيلَ لِي: انْظُرْ هَا هُنَا وَهَا هُنَا فِي آفَاقِ السَّمَاءِ، فَإِذَا سَوَادٌ قَدْ مَلَأَ الأُفُقَ، قِيلَ: هَذِهِ أُمَّتُكَ، وَيَدْخُلُ الجَنَّةَ مِنْ هَؤُلاَءِ سَبْعُونَ أَلْفًا بِغَيْرِ حِسَابٍ» ثُمَّ دَخَلَ وَلَمْ يُبَيِّنْ لَهُمْ، فَأَفَاضَ القَوْمُ، وَقَالُوا: نَحْنُ الَّذِينَ آمَنَّا بِاللَّهِ وَاتَّبَعْنَا رَسُولَهُ، فَنَحْنُ هُمْ، أَوْ أَوْلاَدُنَا الَّذِينَ وُلِدُوا فِي الإِسْلاَمِ، فَإِنَّا وُلِدْنَا فِي الجَاهِلِيَّةِ، فَبَلَغَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَخَرَجَ، فَقَالَ: «هُمُ الَّذِينَ لاَ يَسْتَرْقُونَ، وَلاَ يَتَطَيَّرُونَ، وَلاَ يَكْتَوُونَ، وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ» فَقَالَ عُكَاشَةُ بْنُ مِحْصَنٍ: أَمِنْهُمْ أَنَا يَا رَسُولَ اللَّهِ؟ قَالَ: «نَعَمْ» فَقَامَ آخَرُ فَقَالَ: أَمِنْهُمْ أَنَا؟ قَالَ: «سَبَقَكَ بِهَا عُكَّاشَةُ». المزيد
හුසෙයින් ඉබ්නු අබ්දුර් රහ්මාන් තුමා විසින් වාර්තා කරන ලදී. මම සඊද් ඉබ්නු ජුබෙයිර් සමග සිටියෙමි. එවිට ඔහු: “පෙර දින කඩා වැටුණු තරුව ඔබ අතරින් දුටුවේ කවුරුන්දැ?යි විමසුවේය. එවිට මම: ‘මම’ යැයි පැවසුවෙමි. පසුව මම: ‘සැබැවින්ම මම සලාතයේ නොසිටියෙම් ද? එනමුත් මම දෂ්ඨ කරනු ලැබුවෙමි.” යැයි පැවසුවෙමි. ඔහු ‘එසේ නම් ඔබ කුමක් කළෙහිද?’ යැයි විමසීය. ‘මම ආරක්ෂාව පැතුවෙමි’ යැයි පැවසුවෙමි. ඔහු: ‘ඒ සඳහා ඔබට තුඩු දුන්නේ කමක් ද?’ යැයි විමසීය. මම: ‘අෂ්-ෂුඃබී තුමා අපට දන්වා සිටි හදීසයකි’ යැයි පැවසුවෙමි. ඔහු: ‘ඔහු නුඹලාට කුමක් පැවසුවේද?’ යැයි විමසීය. මම: ‘බුරෙයිදා ඉබ්නු හුසෙයිබ් තුමා විසින් වාර්තා කළ හදීසක් අප වෙත දන්වා සිටියේය. සැබැවින්ම හෙතෙම: ‘ඇස්වහ හෝ (ගෝනුස්සෙකු වැනි සතකු කරන) දෂ්ඨ කිරීමෙන් මිස ආරක්ෂාවක් නැත’ යැයි පැවසීය. ඔහු: ‘ඔහු සවන් දුන් දෑ අවසානය දක්වාම හොඳින් කර ඇත. නමුත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්රකාශයක් ඉබ්නු අබ්බාස් තුමා ද අපට මෙසේ දන්වා සිටියේය. “මා වෙත සමූහයන් ඉදිරිපත් කරනු ලැබීය.” එවිට නබි තුමාණන් සමග කණ්ඩායමක් ද, නබි තුමාණන් සමග පුද්ගලයකු හෝ දෙදෙනකු ද, නබි තුමාණන් සමග කිසිවකු නොමැතිව මම එතුමාණන්ව දුටුවෙමි. මහත් ජනකායක් මා වෙනුවෙන් ඔසවනු ලැබූ විට සැබැවින්ම ඔවුන් මාගේ සමූහයා වෙතැයි සිතුවෙමි. නමුත් මට මෙසේ පවසනු ලැබීය. “මේ මූසා හා ඔහුගේ සමූහයාය.” පසුව මම අධීක්ෂණයෙන් බැලුවෙමි. තවත් අතිමහත් ජනකායක් විය. එවිට ‘මෙය ඔබේ සමූහයා වෙතැ’යි පවසනු ලැබීය. ඔවුන් සමග හැත්තෑ දහසක් දෙනා සිටියහ. කිසිදු විනිශ්චයකින් හෝ දඬුවමකින් තොරව ඔවුහු ස්වර්ගයට පිවිසෙති. පසුව මම නැගිට ඔහුගේ වාසස්ථානයට පිවිසුණේය. එවිට ජනයා ද ඔවුන් අතරට පිවිසුණෝය. එවිට ඔවුන්ගෙන් ඇතැමෙක්: ‘ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් සමග මිත්රවූවන් වන්නට පුළුවණැ’යි පැවසීය. තවත් ඇතැමුන් ‘ඔවුන් ඉස්ලාමය තුළ ඉපද අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකළ; කරුණු මෙනෙහි කළවුන් වන්නට පුළුවනැ’යි පැවසීය. පසුව ඔවුන් අතරට අල්ලාහ්ගේ දූතයාණන් පැමිණියේය. පසුව ඔවුහු එතුමාට ඒ ගැන දන්වා සිටියෝය. එවිට එතුමා: “ඔවුන් වනාහි, (අල්ලාහ් හැර කිසිවකුගෙන්) ආරක්ෂාව නොපතන උදව් නොපතන අසුභවාදය නොසලකන; ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරන උදවිය වෙති.” යැයි පැවසූහ. එවිට උකාෂා ඉබ්නු මිහ්සන් නැගී සිට: ‘ඔවුන් අතරට මාද පත් කරන මෙන් ඔබ අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන්න’ යැයි පැවසීය. එතුමා: ‘ඔබද ඔවුන් අතරින් කෙනෙකි’ යැයි පැවසීය. පසුව තවත් මිනිසකු නැගී සිට මා ද ඔවුන් අතරට පත් කරන මෙන් අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන මෙන් පැවසීය. පසුව එතුමා “උකාෂා ඒ සඳහා පෙරටු විය” යැයි පැවසූහ.