1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ

عن أبي هريرة رضي الله عنه قال:

لعن رسول الله صلى الله عليه وسلم الرجل يلبس لِبْسَةَ المرأة، والمرأة تلبس لِبْسَةَ الرجل.

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ."

صحيح رواه النسائي في الكبرى وابن ماجه بمعناه وأحمد السنن الكبرى للنسائي - 9209

විවරණය

කාන්තාවන්ට ආවේනික වූ ඇඳුම් පැළඳුම්වල දී කාන්තාවට සමාන ලෙස ඇඳුම් පැළඳුම් අඳින සෑම පිරිමියෙකුම අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලැබීමට හා නෙරපා හරිනු ලැබීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා කළහ. එය හැඩයෙන් හෝ වේවා වර්ණයෙන් හෝ වේවා ක්‍රමයෙන් හෝ වේවා ඇඳුම් විලාශයෙන් හා අලංකාරයෙන් හෝ වේවා ඒ හැර වෙනත් දෙයකින් හෝ වේවා එක සමානය. එසේ නැතහොත් පිරිමින්ට ආවේනික ඇඳුම් පැළඳුම් වල දී කාන්තාව ඔහුට සමානව ඇඳ පැළඳ ගැනීම ද එලෙසමය. එය මහා පාපකම් අතරින් වූ පාපයකි.

හදීසයේ හරය

  1. ෂව්කානී තුමා මෙසේ පවසයි. "කාන්තාවන් පිරිමින්ට සමානකම් පෑම හෝ පිරිමින් කාන්තාවන්ට සමානකම් පෑම තහනම් කරන ලදී. ඊට හේතුව ශාපය තහනම් කරුණක් මත මිස වෙනත් දෑ මත නො පිහිටන බැවිනි."
  2. ඉබ්නු උසයිමීන් තුමා මෙසේ පවසයි. "කාන්තාවන් හා පිරිමින් යන දෙපාර්ශවයම පොදුවේ අදින ඇතැම් ටී-ෂර්ට් වර්ග වැනි දෑහි වරදක් නැත. එනම් පිරිමි පාර්ශවය හා කාන්තා පාර්ශවය එය පැළඳීමෙහි වරදක් නැත යන්නයි." ඊට හේතුව එය දෙපාර්ශවයටම පොදු වූ ඇඳුමක් වන බැවිනි.

අර්ථ කථන නිරීක්ෂණය

47 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • . .
  • . .