1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “මනා ලෙස අල් කුර්ආනය කියවන්නා යහපත් උතුම් දේව දූතයින් සමග සිටියි. එමෙන්ම අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකක් හිමිය

عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«الْمَاهِرُ بِالْقُرْآنِ مَعَ السَّفَرَةِ الْكِرَامِ الْبَرَرَةِ، وَالَّذِي يَقْرَأُ الْقُرْآنَ وَيَتَتَعْتَعُ فِيهِ، وَهُوَ عَلَيْهِ شَاقٌّ، لَهُ أَجْرَانِ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මනා ලෙස අල් කුර්ආනය කියවන්නා යහපත් උතුම් දේව දූතයින් සමග සිටියි. එමෙන්ම අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකක් හිමිය."

الملاحظة
نصاخصخص هص
النص المقترح نصتصنخ2
الملاحظة
نصاخصخص هص
النص المقترح نصتصنخ2
الملاحظة
نصاخصخص هص
النص المقترح نصتصنخ2
الملاحظة
نصاخصخص هص
النص المقترح نصتصنخ2
الملاحظة
.توعا
النص المقترح لا يوجد...

صحيح متفق عليه صحيح مسلم - 798

විවරණය

සැබැවින්ම හොඳින් අල් කුර්ආනය කටපාඩම් කර එය ප්‍රගුණ කරගත්, එය ඉතා දක්ෂ හා මනා ලෙස පාරායනය කරන අය වනාහි, ඔහුට මතුලොවෙහි කුසල් හිමිය. එය ඔහුගේ නිලය යහපත් උතුම් දේව දූතයින් සමග වීමෙනි. එමෙන්ම අල්-කුර්ආනය ධාරණය කිරීමේ දුර්වලතාවය නිසා එය හදාරමින් සිටිය දී අසීරුවෙන් හා අමාරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකක් හිමිය. එනම් අල් කුර්ආනය කියවීම සඳහා හිමිවන කුසල හා ඔහු කියවීමේ දී තටම තටමා අසීරුවෙන් කියවීම සඳහා වන කුසලයි.

හදීසයේ හරය

  1. ප්‍රතිඵල හා කුසල් හිමිකරගනු වස් අල් කුර්ආනය කට පාඩම් කිරීම, එය ප්‍රගුණ කිරීම, අධික ලෙස කියවීම සඳහා උනන්දු කරවීම හා එම කාර්යයන්හි නිරත වීමේදී ලැබෙන උසස් නිලය විස්තර කිරීම.
  2. අල්-කාළී තුමා මෙසේ පවසයි: "මනා ලෙස අල් කුර්ආනය කියවන්නාට වඩා තටම තටමා අසීරුවෙන් කියවන්නාට හිමිවන කුසල් අධික බව මින් අදහස් කරන්නේ නැත. මනා ලෙස අල් කුර්ආනය කියවන්නා වඩාත් උතුම්ය, ප්‍රතිඵලයෙන් ද අධිකය. එය සැබැවින්ම ඔහු දැහැමි මලක්වරුන් සමග සිටින බැවින් හා බොහෝ කුසල් එමගින් හිමි කර ගන්නා බැවිනි. මෙම නිලය වෙනත් කිසිවකුට මෙනෙහි කර නැත. උත්තරීතර අල්ලාහ්ගේ ග්‍රන්ථය කෙරෙහි දැඩි අවධානය යොමු කරන අයකුට හිමිවන්නාක් මෙන් එය පාඩම් කිරීමට, එය ප්‍රගුණ කිරීමට, එය අධිකව පාරායනය කිරීමට, එහි දැනුම ලැබීමට අවධානය යොමු නොකරන අයකුට කෙසේ නම් කුසල් හිමිවනු ඇත් ද?"
  3. බින් බාස් තුමා මෙසේ පවසයි. "අල් කුර්ආනය දක්ෂ ලෙස කියවා, එහි පාරායනය ප්‍රගුණ කර, මනා ලෙස කටපාඩම් කරන්නා වනාහි, ඔහු දැහැමි ගෞරවණීය මලක්වරුන් සමග සිටියි. එනම්, එය ඔහු හුදෙක් කියවීමට පමණක් සීමා නොවී වචනයෙන් හා ක්‍රියාවෙන් එය කියවා, ඉතා දක්ෂ ලෙස පාරායනය කර ඒ අනුව කටයුතු කරන විට ය. එවිටය ඔහු එය වචනයෙන් හා අර්ථයෙන් එය ක්‍රියාවට නංවන කෙනෙකු වනුයේ."

අර්ථ කථන නිරීක්ෂණය

40 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
KN ಕನ್ನಡ الكانادا
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ