«كَانَتْ بَنُو إِسْرَائِيلَ تَسُوسُهُمُ الأَنْبِيَاءُ، كُلَّمَا هَلَكَ نَبِيٌّ خَلَفَهُ نَبِيٌّ، وَإِنَّهُ لاَ نَبِيَّ بَعْدِي، وَسَيَكُونُ خُلَفَاءُ فَيَكْثُرُونَ» قَالُوا: فَمَا تَأْمُرُنَا؟ قَالَ: «فُوا بِبَيْعَةِ الأَوَّلِ فَالأَوَّلِ، أَعْطُوهُمْ حَقَّهُمْ، فَإِنَّ اللَّهَ سَائِلُهُمْ عَمَّا اسْتَرْعَاهُمْ». المزيد
අබූ හාසිම් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මම වසර පනහක් අබූ බක්ර් තුමා (රළියල්ලාහු අන්හූ) තුමා සමග හිඳ ඇත්තෙමි. එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳ මෙසේ කතා කරනු මම අසා ඇත්තෙමි යැයි පැවසීය:"
“ඉස්රාඊල් දරුවන් වනාහි නබිවරු ඔවුන් පාලනය කළහ. නබිවරයකු ඉකුත්ව ගිය සෑම කලකම ඔහුගෙන් පසුව තවත් නබිවරයකු ඔවුන් වෙත පැමිණියේය. සැබැවින්ම මට පසුව කිසිදු නබිවරයකු නැත. මගෙන් පසුව කුලෆාවරු (පාලකයෝ) වෙති. ඔවුන් අධිකව සිටිති.” "අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ අපට නියෝග කර සිටිනුයේ කුමක්දැ?"යි ඔවුහු විමසා සිටියෝය. එතුමාණෝ: “නුඹලා පළමු ප්‍රතිඥාව ඉටු කරනු. පසුව වඩාත් ප්‍රමුඛ දෑ ඉටු කරනු. පසුව ඔවුන්ගේ අයිතිය ඔවුනට පිරිනමනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ පාලනය පිළිබඳව ඔවුන්ගෙන් විමසන්නාය."