«حَقُّ الْمُسْلِمِ عَلَى الْمُسْلِمِ سِتٌّ» قِيلَ: مَا هُنَّ يَا رَسُولَ اللهِ؟، قَالَ: «إِذَا لَقِيتَهُ فَسَلِّمْ عَلَيْهِ، وَإِذَا دَعَاكَ فَأَجِبْهُ، وَإِذَا اسْتَنْصَحَكَ فَانْصَحْ لَهُ، وَإِذَا عَطَسَ فَحَمِدَ اللهَ فَسَمِّتْهُ، وَإِذَا مَرِضَ فَعُدْهُ وَإِذَا مَاتَ فَاتَّبِعْهُ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2162]
المزيــد ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයකි." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඒවා මොනවාදැ?යි විමසන ලදී. එතුමාණෝ: "ඔබ ඔහුව මුණ ගැසුණු විට ඔහුට සලාම් පවසන්න. ඔහු ඔබව සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට ඔහුට පිළිතුරු දෙන්න. ඔහු ඔබෙන් උපදෙස් පතන විට ඔහුට උපදෙස් දෙන්න. ඔහු කිවිසුම් හැර (අල්හම්දු ලිල්ලාහ්’) -යැයි අල්ලාහ්ට- ප්‍රශංසා කළ විට ඔහුට (යර්හමුකල්ලා) යැයි පවසන්න. ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක සුවදුක් විමසන්න. ඔහු මිය ගිය විට (ජනසා කටයුතු අවසන් වන තෙක්) ඔහු පසුපස යන්න.”
මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයක් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. පළමුවැන්න: ඔහුව මුණ ගැසී "අස්සලාමු අලයිකුම්" යැය පවසා සලාම් දුන් විට, පිළිතුරු වශයෙන් "වඅලෙයිකුමුස් සලාම්" යැයි පවසා ඔහුට පිළිතුරු සැපයීම. දෙවැන්න: වලීමා හෝ වෙනත් සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට ඔහුට පිළිතුරු දීම. තුන්වැන්න: ඔහු ඔහුගෙන් උපදෙස් පතන විට ඔහුට උපදෙස් දීම. ඔහුට සමච්චල් නොකරන්න. ඔහුව රවටා නොගන්න. සිව්වැන්න: ඔහු කිවිසුම් හැර "අල්හම්දු ලිල්ලාහ්" යැයි පවසා අල්ලාහ්ට- ප්‍රශංසා කළ විට ඔහුට "යර්හමුකල්ලා" යැයි පැවසීම. ඔහු නැවතත් පිළිතුරු වශයෙන් "යහ්දීකුමුල්ලාහු වයුස්ලිහු බාලකුම්" යනුවෙන් පවසනු ඇත. පස්වැන්න: ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක ඔහුගේ සුවදුක් විමසීම. හයවැන්න: ඔහු මිය ගිය විට ඔහුට ජනාසා සලාතට ඉටු කර ඔහු ව වළ දමන තෙක් ජනසා කටයුතුවල සහභාගී වීම.