+ -

عن عائشة رضي الله عنها قالت: سمعتُ من رسول الله صلى الله عليه وسلم يقول في بيتي هذا:
«اللَّهُمَّ مَنْ وَلِيَ مِنْ أَمْرِ أُمَّتِي شَيْئًا فَشَقَّ عَلَيْهِمْ فَاشْقُقْ عَلَيْهِ، وَمَنْ وَلِيَ مِنْ أَمْرِ أُمَّتِي شَيْئًا فَرَفَقَ بِهِمْ فَارْفُقْ بِهِ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1828]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මාගේ මේ නිවසේ හිඳ කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයේ යම් කටයුත්තක් භාරව සිටගෙන, ඔවුන් මත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු මැනව. තවද කවරෙකු මාගේ සමූහයේ කටයුත්තක් භාරව සිටගෙන ඔවුන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මෘදු ලෙස කටයුතු කරනු මැනව.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 1828]

විවරණය

මුස්ලිම්වරුන් අතර සුළු හෝ මහා හෝ කවර කටයුත්තක් හෝ වේවා එවැන්නක් භාර ගත් සෑම කෙනෙකුටම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රාර්ථනා කළහ. එය පොදු හෝ නියමිත කොටසකට පමණක් ආවේනික භාරකාරත්වයක් වේවා එක සමානය. ඔහු ඔවුන් අතර දුෂ්කරතා ඇති කොට ඔවුන් සමග මෘදු ලෙස කටයුතු නොකළේ නම්, සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ඔහුගේ අදාළ ක්‍රියාවෙන්ම ප්‍රතිචාර දක්වමින් ඔහු වෙත දුෂ්කරතා ඇති කරනු ඇත.
කවරෙකු ඔවුන් සමග කාරුණිකව කටයුතු කර, ඔවුන්ගේ කටයුතු පහසු කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් ද ඔහුට කාරුණික වී, ඔහුගේ කටයුතු ද පහසු කරනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية Malagasy ඉතාලි Oromo Kannada Azeri الأوزبكية الأوكرانية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. මුස්ලිම්වරුන්ගේ කටයුතු භාර තැනැත්තා, ඔවුන් සමග හැකි පමණින් කාරුණිකව කටයුතු කිරීම අනිවාර්යය වේ.
  2. ප්‍රතිඵල අදාළ ක්‍රියා වර්ගයෙන්ම පිහිටනු ඇත.
  3. මෘදු බව හෝ දැඩි බව සලකනු ලබන පරිමාණය වන්නේ අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට පටහැනි නොවන දෑය.
අමතර