عن المِقدام بن معدي كرب رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:
«إِذَا أَحَبَّ الرَّجُلُ أَخَاهُ فَلْيُخْبِرْهُ أَنَّهُ يُحِبُّهُ».

[صحيح] - [رواه أبو داود والترمذي والنسائي في الكبرى وأحمد] - [سنن أبي داود: 5124]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අල්-මික්දාම් ඉබ්නු මඃදී කරිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"මිනිසෙකු තම සහෝදරයාට ප්‍රේම කරන්නේ නම්, සැබැවින්ම තමන් ඔහුට ප්‍රේම කරන බව දැනුම් දිය යුතුය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أبو داود والترمذي والنسائي في الكبرى وأحمد] - [سنن أبي داود - 5124]

විවරණය

දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අතර සමබ්න්ධතා ශක්තිමත් කරන, ඔවුන් අතර ආදරය පතුරුවා හරින හේතු සාධක අතරින් එකක් මෙහි දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිළි කර ඇත. එනම් කිසිවකු තම සහෝදරයාට ආදරය කරන්නේ නම්, තමන් ඔහුට ආදරය කරන බව දන්වා සිටිය යුතු බවය.

හදීසයේ හරය

  1. උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් පමණක් වන අවංක ආදරයේ මහිමය. එය ලෞකික යහපත වෙනුවෙන් නොවිය යුතුය.
  2. අල්ලාහ් විෂයයෙහි ආදරය කරනු ලබන්නාට තම ආදරය ගැන දන්වා සිටීම සතුටු දායකය. එය ආදරය හා සෙනෙහස වැඩි කරනු ඇත.
  3. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අතර ආදරය පතුරුවාලීම, දේව විශ්වාසයේ සහෝදරත්වය ශක්තිමත් කරන අතර සමාජය බිඳවැටීමෙන් හා බෙදී යාමෙන් ආරක්ෂා කරයි.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)
අමතර