عن معاوية بن أبي سفيان رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «من يُرِدِ الله به خيرا يُفَقِّهْهُ في الدين».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව මුආවියා බින් අබී සුෆ්යාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“අල්ලාහ් කවරෙකුට යහපත පතන්නේ ද ඔහු ඔහුට දහම තුළ අවබෝධය පිරිනමනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අල්ලාහ් කවරෙකුට හෝ යම් යහපතක් හෝ සෙතක් හෝ පතන්නේ නම් ආගමික නීති පිළිබඳ මනා දැක්මක් ඇති ඥානියෙකු බවට ඔහුව පත් කරනු ඇත. ෆික්හ් -අවබෝධය- යන පදයට යෙදුම් දෙකක් ඇත. පළමුවැන්න: නැමදුම් හා ගනුදෙනුවල නීතිරීති වැනි ප්රායෝගික ආගමික නීති පිළිබඳ විස්තරාත්මක දැනුමයි. දෙවැන්න: පොදු ආගමික දැනුමයි. එහි දේව විශ්වාසයේ මූල ධර්ම, ඉස්ලාම්හි පිළිවෙත්, හලාල් හා හරාම් පිළිබඳ දැනුම, සදාචාරය හා විනය අන්තර්ගත වේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. මෙම හදීසයේ දහම පිළිබඳ අවබෝධය ලැබීමේ වැදගත් කම පෙන්වා දී ඇති අතරම ඒ ගැන උනන්දු කරවා ඇත.
  2. සැබැවින්ම ෆික්හ්-ආගමික අවබෝධය- යන්නට යෙදුම් දෙකක් ඇත. විස්තරාත්මක සාධක සමග විස්තරාත්මක ආගමික නීතිරීති පිළිබඳ දැනුම. දෙවැන්න ඊමානයේ මූලිකාංග, ඉස්ලාමයේ පිළිවෙත්, යහපත් ලෙස කටයුතු කිරීමේ යුතුකම්, හලාල් හා හරාම් පිළිබඳ දැනුම මෙන් අල්ලාහ්ගේ දහම පිළිබඳ පොදු දැනුමයි.
  3. හදීසයෙන් ගත හැකි තවත් ප්රයෝජයක් වනුයේ, සැබැවින්ම කවරෙකු දහම් කටයුතු පිළිබඳ අවබෝධය ලබන්නට ප්රතික්ෂේප කළේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට යහපතක් පතා නොමැති බවයි.
  4. කවරෙකු දැනුම සොයන්නට උනන්දුවක් දක්වන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුව ප්රිය කරනු ඇත. ඊට හේතුව සැබැවින්ම අල්ලාහ් දැනුම හා ආගමික අවබෝධය සඳහා ඔහුට ආශිර්වාද කිරීමෙන් ඔහුට යහපත පතා ඇති බැවිණි.
  5. සැබැවින්ම දහම පිළිබඳ අවබෝධය පැසසුමට ලක්වන්නකි. දහම් නොවන අවබෝධයක් සම්බන්ධයෙන් වූ කලී, එය පැසසුමට ලක් නොවන්නක් මෙන්ම හෑල්ලුවට ලක් කරනු ලබන්නක් ද නොවෙති. නමුත් එය ප්රශංසා සහගත මාධ්යයක් වී නම් ප්රශංසා කරනු ලබන අතර එය අවමන් සහගත මාධ්යයක් වී නම් එය අවමානයට ලක් කරනු ලැබේ.
අමතර