+ -

عن أبي هريرة رضي الله عنه قال:
سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ أَكْثَرِ مَا يُدْخِلُ النَّاسَ الْجَنَّةَ، فَقَالَ: «تَقْوَى اللهِ وَحُسْنُ الْخُلُقِ»، وَسُئِلَ عَنْ أَكْثَرِ مَا يُدْخِلُ النَّاسَ النَّارَ فَقَالَ: «الْفَمُ وَالْفَرْجُ».

[حسن صحيح] - [رواه الترمذي وابن ماجه وأحمد] - [سنن الترمذي: 2004]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
"මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමාණෝ: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා යහපත් ගතිගුණ වේ” යැයි පැවසූහ. තවදුරටත්, මිනිසුන් අධික ලෙස නිරයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි එතුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ: “කට හා ලිංගේන්ද්‍රි ය” යැයි පැවසූහ.

[හසන් සහීහ් ගණයට අයත් හදීසයකි] - - [سنن الترمذي - 2004]

විවරණය

ස්වර්ගයට ඇතුළත් කරන අති වැදගත් සාධක දෙකක් මෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. ඒා නම්:
අල්ලාහ් පිළිබඳ භක්තිය හා යහපක් සදාචාරය.
අල්ලාහ් කෙරෙහි භක්තිය: එනම් ඔබ අතර හා අල්ලාහ්ගේ දඬුවම අතර ඔබ සලසා ගන්නා ආරක්ෂාවයි. එය ඔහුගේ නියෝග පිළිපැදීමෙන් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමෙන් සිදු වන්නේය.
යහපත් සදාචාරය: එය සිනහමුසු මුහුණින්, යහපත සිදු කිරීමෙන් හා හානිය වැළැක්වීමෙන් සිදු වන්නේය.
අපා ගින්නට පිවිසීමට හේතුවන බරපතල සාධක දෙක වනුයේ:
දිව හා ලිංගේන්ද්‍රියයි.
දිවෙන් සිදුවන පාපකම් වනුයේ: බොරුකීම, කෙළ්ම කීම, දොස් නැගීම වැනි දෑය.
ලිංගෙන්ද්‍රියෙන් සිදුවන පාපකම් වනුයේ: කාම අපචාරය, සම ලිංගික සේවනය හා එවැනි වෙනත් දෑ.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الفولانية Oromo Kannada الولوف البلغارية Azeri الأوزبكية الأوكرانية الجورجية اللينجالا المقدونية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ස්වර්ගටය පිවිසීම සඳහා උත්තරීතර අල්ලාහ් සමඟ බැඳෙන හේතු සාධක ඇත. ඒ අතරින් භක්තිය හා ශ්‍රද්ධාව එකකි. එමෙන්ම මිනිසුන් සමග බැඳෙන හේතු සාධක ද ඇත. ඒ අතරින් යහපත් සදාචාරය ද එකකි.
  2. දිව, එහි හිමිකරුට එමගින් බලපාන අනතුර. සැබැවින්ම එය අපා ගින්නට පිවිසීමේ හේතු සාධකයක් වනු ඇත.
  3. ආශාවන් හා අශීලාචාර දැයින් මිනිසාට ඇති අනතුර. සැබැවින්ම ඒවා අපා ගින්නට පිවිසීමට අධික ලෙස බලපාන සාධක වෙති.
අමතර