1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ප්රතිපත්තිය

නබි වදනක් ඔබ අතරින් කිසිවෙකු සමීප මිතුරෙකු වීමෙන් අල්ලාහ් වෙත මම නිදොස් වූයෙමි. හේතුව සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමාව සමීප මිතුරෙකු ‌ලෙස තෝරාගත් සේම මාව ද සමීප මිතුරෙකු බවට ඔහු තෝරා ගෙන ඇත

عن جندب رضي الله عنه قال:
سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَبْلَ أَنْ يَمُوتَ بِخَمْسٍ وَهُوَ يَقُولُ «إِنِّي أَبْرَأُ إِلَى اللهِ أَنْ يَكُونَ لِي مِنْكُمْ خَلِيلٌ فَإِنَّ اللهَ تَعَالَى قَدِ اتَّخَذَنِي خَلِيلًا كَمَا اتَّخَذَ إِبْرَاهِيمَ خَلِيلًا، وَلَوْ كُنْتُ مُتَّخِذًا مِنْ أُمَّتِي خَلِيلًا لَاتَّخَذْتُ أَبَا بَكْرٍ خَلِيلًا! أَلَا وَإِنَّ مَنْ كَانَ قَبْلَكُمْ كَانُوا يَتَّخِذُونَ قُبُورَ أَنْبِيَائِهِمْ وَصَالِحِيهِمْ مَسَاجِدَ، أَلَا فَلَا تَتَّخِذُوا الْقُبُورَ مَسَاجِدَ! إِنِّي أَنْهَاكُمْ عَنْ ذَلِكَ».

ජුන්දුබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත්වීමට දින පහකට පෙර කළ ප්‍රකාශයකට මම සවන් දුන්නෙමි. එතුමාණෝ මෙසේ පවසා සිටියහ: "ඔබ අතරින් කිසිවෙකු සමීප මිතුරෙකු වීමෙන් අල්ලාහ් වෙත මම නිදොස් වූයෙමි. හේතුව සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමාව සමීප මිතුරෙකු ‌ලෙස තෝරාගත් සේම මාව ද සමීප මිතුරෙකු බවට ඔහු තෝරා ගෙන ඇත. මාගේ සමූහයා අතරින් මා සමීප මිතුරෙකු තෝරා ගන්නේ නම්, අබූ බක්ර් තුමාව මා සමීප මිතුරෙකු ලෙස තෝරා ගන්නට තිබුණි. දැනගන්න. නුඹලාට පෙර සිටියවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ හා ඔවුන්ගේ දැහැමියන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කර ගනිමින් සිටියෝය. දැනගන්න! නුඹලා මිනිවලවල් දේවස්ථාන බට පත් ‌කර නොගන්න. සැබැවින්ම මම නුඹලා එයින් වළක්වමි.

صحيح رواه مسلم صحيح مسلم - 532

විවරණය

උත්තරීතර අල්ලාහ් අබියස තම නිලය පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඉබ්‍රාහීම් (අලෙයිහිස් සලාම්) තුමා ලබා ගත් පරිදි සැබැවින්ම ආදරයේ උසස්ම නිලය එතුමාණන් ලඟා කර ගැනීමය. එබැවින් අල්ලාහ් හැර වෙනත් සමීප මිතුරෙකු එතුමාණන්ට නොවීය. හේතුව සැබැවින්ම එතුමාණන්ගේ හදවත උත්තරීතර අල්ලාහ්ගේ ආදරයෙන්, ඔහුගේ ගරුබුහුමන් බවින් හා ඔහු හඳුනාගැනීමෙන් පිරී පැවතිනි. එබැවින් අල්ලාහ් හැර වෙනත් කිසිවකුට එය ව්‍යාප්ත නොවීය. එසේ මිනිසුන් අතරින් කිසිවකු හෝ එතුමාණන්ගේ සමීප මිතුරෙකු වී නම්, ඔහු අබූ බක්ර් අස්-සිද්දීක් තුමා වන්නට තිබුණි. පසු ව යුදෙව්වන් හා කිතුනුවන් ඔවුන්ගේ නබිවරුන්ගේ හා දැහැමියන්ගේ මිනීවලවල් සම්බන්ධයෙන්, අල්ලාහ් හැර දමා ඔවුන් ඒවා නමදින හවුල් දෙවිවරුන් බවට පත් කර ගනිමින් ඔවුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවටත් නැමදුම් ස්ථාන බවටත් පත් කර ගනිමින් ඔවුන් කටයුතු කළාක් මෙන් තමන්ට ආදරය කිරීමේ දී අනුමත සීමාව ඉක්මවා යෑම ගැන අවවාද කළහ. ඔවුන් සිදු කළ ක්‍රියාවන් මෙන් කටයුතු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සමූහයාට තහනම් කළහ.

හදීසයේ හරය

  1. අබූ බක්ර් අස්-සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමාගේ මහිමය. සැබැවින්ම එතුමා සහාබාවරුන් අතර ශ්‍රේෂ්ඨතම සහාබිවරයා බවටත් අල්ලාහ්ගේ දූතයාණන්ගේ අභාවයෙන් පසු පාලක ධූරය දැරීමෙන් මිනිසුන් අතර උසස්ම පාලකයා බවටත් පත් විය.
  2. මිනීවලවල් මත දේවස්ථාන ඉදි කිරීම පෙර සමූහයන් අතරත් හෙළා දකින ලද ක්‍රියාවක් ලෙස පැවතිනි.
  3. මිනී වලවල් නැමදුම් කරන ස්ථාන බවට පත් කර ගැනීම, ඒවා අබියස හෝ ඒවාට මුහුණලා සලාත් ඉටු කිරීම, ඒවා මත දේවස්ථාන ඉදි කිරීම හෝ කොත් ඉදි කිරීම යනාදී හේතු සාධක නිසාවෙන් 'ෂිර්ක්' නම් ‌දේව ආදේශය තුළට වැටීමෙන් ආරක්ෂා වනු පිණිස ඒවා තහනම් කර ඇත.
  4. දැහැමියන් සම්බන්ධයෙන් අතිශයෝක්ති ලෙස කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතුය. එසේ අතිශයෝක්ති ලෙස මහිමයට පත් කිරීම දේවත්වයට ආදේශ කිරීම දක්වා ගෙන යනු ඇත.
  5. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මරණයට රාත්‍රි පහකට පෙර එය අවධාරනය කිිරීම එතුමාණන් අනතුරු ඇඟ වූ එම කරුණෙහි බරපතලකම පෙන්වයි.

අර්ථ කථන නිරීක්ෂණය

68 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
AZ Azərbaycan الأذربيجانية
EL Ελληνικά اليونانية
AK Akan الأكانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
LN Lingala اللينجالا
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو