1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ප්රතිපත්තිය

නබි වදනක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යමක් මෙනෙහි කරමින්: "එය දැනුම පහව යන කාලයේ සිදු වේ

عَنْ زِيَادِ بْنِ لَبِيدٍ رضي الله عنه قَالَ:
ذَكَرَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ شَيْئًا، فَقَالَ: «ذَاكَ عِنْدَ أَوَانِ ذَهَابِ الْعِلْمِ» قُلْتُ: يَا رَسُولَ اللَّهِ، وَكَيْفَ يَذْهَبُ الْعِلْمُ، وَنَحْنُ نَقْرَأُ الْقُرْآنَ وَنُقْرِئُهُ أَبْنَاءَنَا وَيُقْرِئُهُ أَبْنَاؤُنَا أَبْنَاءَهُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ؟ قَالَ: «ثَكِلَتْكَ أُمُّكَ زِيَادُ، إِنْ كُنْتُ لَأُرَاكَ مِنْ أَفْقَهِ رَجُلٍ بِالْمَدِينَةِ، أَوَلَيْسَ هَذِهِ الْيَهُودُ وَالنَّصَارَى يَقْرَؤونَ التَّوْرَاةَ وَالْإِنْجِيلَ، لَا يَعْمَلُونَ بِشَيْءٍ مِمَّا فِيهِمَا؟!».

සියාද් ඉබ්නු ලබීද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යමක් මෙනෙහි කරමින්: "එය දැනුම පහව යන කාලයේ සිදු වේ යැයි පැවසූහ. මම: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! දැනුම පහව යන්නේ කෙසේ ද? අපි අල් කුර්ආනය කියවමු. එමෙන්ම අපේ දරුවන්ටත් කියවන්නට උගන්වන්නෙමු. එමෙන්ම අපේ දරුවන් ද ඔවුන්ගේ දරුවන්ටත් එලෙස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක්ම උගන්වමින් සිටිති' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "සියාද්, ඔබේ මව නැසී යනු ඇත. මදීනාවේ සිටින බුද්ධිමත්ම තැනැත්තා ඔබ යැයි මම සිතා සිටියෙමි. මේ යුදෙව්වන් හා කිතුනුවන් තව්රාතය හා ඉන්ජීලය කියවන නමුත් ඒ දෙකෙහි ඇති දෑ අනුව කටයුතු නොකරනවා නොවේ ද?"යැයි විමසා සිටියහ.

صحيح لغيره رواه ابن ماجه سنن ابن ماجه - 4048

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහගාමීන් අතර වාඩි වී සිටිය දී "එය දැනුම අත්පත් කර ගනු ලබන, දැනුම මිනිසුන්ගෙන් උදුරා ගනු ලබන කාලයයි" යනු පවසා සිටියහ. සියාද් ඉබ්නු ලුබෙයිද් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා පුදුමයට පත්ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් මෙසේ විමසා සිටියේය. ""දැනුම අත්පත් කර ගනු ලබනුයේ කෙසේ ද එය අපෙන් පහව යනුයේ කෙසේ ද? සැබැවින්ම අපි අල් කුර්ආනය කියවා ඇත්තෙමු. එය අපි කටපාඩම් කර ඇත්තෙමු. අල්ලාහ් මත දිවුරා පවසමි අපි එය කියවා අපගේ කාන්තාවන්ට දරුවන්ට මෙන්ම ඔවුන් ද ඔවුන්ගේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට උගන්වා දෙන්නෙමු" යැයි පැවසීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පුදුමයට පත්ව "අහෝ සියාද්! ඔබට කුමක් වීද! සැබැවින්ම ඔබ මදීනා වාසී විද්වතුන් අතර කෙනෙකු බව මම සිතා සිටියෙමි" යැයි පැවසූහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: සැබැවින්ම දැනුම අහිමි වී යන්නේ කුර්ආනය අහිමි වී යාමෙන් නොව, දැනුම අහිමි වී යන්නේ ඒ අනුව ක්‍රියා නොකිරීම හේතුවෙන් බව පැහැදිලි කළහ. යුදෙව්වන් හා කිතුනුවන් අතර තව්රාතය හා ඉන්ජීලය විය. නමුත් ඒ සමගම ඒවා ඔවුනට ප්‍රයෝජනවත් වූයේ නැත. ඒ දෙකෙහි අපේක්ෂිත කරුණින් ඔවුන් ඵල නෙලා ගත්තේ ද නැත. එය ඔවුන් දැනගත් දේ අනුව ක්‍රියා කිරීමය.

හදීසයේ හරය

  1. අල් කුර්ආන් පිටපත් හා ග්‍රන්ථ මිනිසුන්ගේ අත්වල තිබුණ ද ඒවා අනුව කටයුතු කිරීමෙන් තොරව ඒවා ඔවුනට ප්‍රයෝජනවත් වන්නේ නැත.
  2. දැනුම පහවීම කරුණු කිහිපයකින් සිදු වේ. ඒවා අතරින්: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ වියෝව, විද්වතුන්ගේ වියෝව හා දැනුම අනුව ක්‍රියා නොකිරීම වේ.
  3. දැනුම පහව යෑම හා ඒ අනුව ක්‍රියා කිරීම අත්හැර දැමීම අවසන් හෝරාවේ සළකුණකි.
  4. දැනුම අනුව ක්‍රියා කිරීමට උනන්දු කරවීම. සැබැවින්ම එයයි අපේක්ෂාව වනුයේ.

අර්ථ කථන නිරීක්ෂණය

68 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
AZ Azərbaycan الأذربيجانية
EL Ελληνικά اليونانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
LN Lingala اللينجالا
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو