عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:
«لَيْسَ شَيْءٌ أَكْرَمَ عَلَى اللهِ تَعَالَى مِنَ الدُّعَاءِ».
[حسن] - [رواه الترمذي وابن ماجه وأحمد] - [سنن الترمذي: 3370]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කිරීම තරම් ගෞරවනීය දෙයක් තවත් නැත.”
[හසන් ගණයට අයත් හදීසයකි] - - [سنن الترمذي - 3370]
නැමදුම් අතර උත්තරීතර අල්ලාහ් අබියස ප්‍රාර්ථනාවට වඩා උතුම් වෙනත් දෙයක් නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කරයි. ඊට හේතුව ඒ තුළ උත්තරීතර අල්ලාහ්ගේ පොහොසත් කම පිළිගැනීමත්, ගැත්තාගේ නොහැකියාව හා ඔහු වෙත වූ අවශ්‍යතාව පිළිගැනීමත් ඇතුළත්ව තිබෙන බැවිනි.