عن معاذ بن جبل رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «مَا عَمِلَ ابْنُ آدَمَ عَمَلًا أَنْجَى لَهُ مِنْ عَذَابِ اللَّهِ مِنْ ذِكْرِ اللَّهِ».
[صحيح لغيره] - [رواه أحمد وابن أبي شيبة والطبراني ومالك]
المزيــد ...

මුආද් ඉබ්නු ජබල් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ්ව මෙනෙහි කිරීමට වඩා අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂා කරන වෙනත් කිසිදු ක්රියාවක් ආදම්ගේ පුතණුවන් සිදු නොකරයි.“
සහීහ් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. - ඉබ්නු අබී ෂයිබා එය වාර්තා කර ඇත.

විවරණය

ස්වර්ගය හිමි කර ගන්නටත් නිරයෙන් ආරක්ෂාව ලබන්නටත් බලපාන සාධක අල්ලාහ්ව විශ්වාස කරන ඔහුගේ ගැත්තන් හට ඔහු සූදානම් කර ඇත. එම සාධක අතුරින් අල්ලාහ්ව මෙනෙහි කිරීම එකකි. එහෙයින් මෙම හදීසය අල්ලාහ්ව මෙනෙහි කිරීමේ මහිමය පිළිබඳ පෙන්වා දෙයි. එය මහත් සාධක අතුරින් වූවකි. මෙලොව හා මතුලොව ඇතිවන භයානක තත්ත්වයන්ගෙන් ජය හිමි කර දෙන්නකි. නිරයෙන් ආරක්ෂා වීමේ සාධක අතුරින් වූ සාධකයකි. මෙම මහිමය, අල්ලාහ් මෙනෙහි කිරීමේ මහිමයන් අතුරින් වූවක් ලෙස අර්ථ ගැන්වේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර