«مَنْ أَحَبَّ أَنْ يُبْسَطَ لَهُ فِي رِزْقِهِ، وَيُنْسَأَ لَهُ فِي أَثَرِهِ، فَلْيَصِلْ رَحِمَهُ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5986]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“කවරෙකු ඔහුගේ පෝෂණ සම්පත්හි ඔහුට විස්තීරණය කරනු ලැබීමත්, ඔහුගේ ආයු කාලයේ ඔහුට (අමතර කාලයක්) එකතු කරනු ලැබීමත් ප්‍රිය කරන්නේ ද, ඔහු ඔහුගේ ඥාතී සම්බන්ධකම් පවත්වා ගනිත්වා!”
ඥාතීන් බැහැදැකීම, ශාරීරිකව හා මූල්‍යමය වශයෙන් ඔවුනට උපකාර කිරීම හා එවන් වෙනත් කටයුතු තුළින් ඥාතී සම්බන්ධකම් රැක ගැනීම සම්බන්ධයෙන්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උනන්දු කර ඇත. සැබැවින්ම එය පෝෂණ සම්පත් හි විස්තීරණභාවය හා දිගු ආයුෂ ලබන්නට හේතුවන්නේය.