+ -

عن خَولة الأنصاريةِ رضي الله عنها قالت: سمعت النبي صلى الله عليه وسلم يقول:
«إِنَّ رِجَالًا يَتَخَوَّضُونَ فِي مَالِ اللهِ بِغَيْرِ حَقٍّ، فَلَهُمُ النَّارُ يَوْمَ الْقِيَامَةِ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 3118]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා හඃව්ලා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ ප්‍රකාශ කරන ලද්දාය.
“සැබැවින්ම ජනයා කිසිදු යුක්තියකින් තොරව අල්ලාහ්ගේ සම්පත් අතර ගනුදෙනු කරති. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්න ඔවුනට හිමිය.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 3118]

විවරණය

අයුතු ලෙස මුස්ලිම්වරුන්ගේ සම්පත් අතර ගනුදෙනු කරන ඇතැම් මිනිසුන් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා සිටියි. ඔවුහු කිසිදු සාධාරණත්වයකින් තොරව ඒවා ලබා ගනිති. මෙය අදාළ නොවන ස්ථානයකින් ධනය රැස් කිරීම හා ඉපැයීම, සුදුසු නොවන තැන්වලට වියදම් කිරීම සම්බන්ධයෙන් වූ පොදු අර්ථයකි. මෙම අර්ථය තුළට අනාථයින්ගේ වස්තුව ගිල දැමීම, වක්ෆ් හෙවත් පොදු දේපළ ගිල දැමීම, වගකීමෙන් පැවරූ දෑ පැහැර හැරීම, පොදු අරමුදල්වලින් අයුතු ලෙස පරිහරනය කිරීම යනාදිය ද ඇතුළත් වේ.
මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ සැබැවින්ම ඔවුන්ගේ ප්‍රතිඵලය අපා ගින්න බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية Malagasy ඉතාලි Oromo Kannada Azeri الأوزبكية الأوكرانية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ජනයාගේ අත්වල ඇති සම්පත් අල්ලාහ්ගේ සම්පත් වේ. නීත්‍යානුකූල මර්ගවල ඔවුන් ඒවා වියදම් කිරීම පිණිසත්, අයුතු ලෙස ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිනු පිණිසත් ඔහු ඒවායෙහි නියෝජිත භාවය ඔවුන්ව දී ඇත. මෙය භාරකරුවන් අතර මෙන්ම සෙසු ජනයා අතර ද වූ පොදු කාරණාවකි.
  2. පොදු අරමුදල් සම්බන්ධයෙන් ෂරීආව දැඩි සේ අවවාද කර ඇත. සැබැවින්ම ඉන් කිසිවක් හෝ යමෙකු භාර ගත්තේ නම්, එය රැස් කළ හා වියදම් කළ ආකාරය ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු විනිශ්චයට භාජනය වනු ඇත.
  3. තම ධනය හෝ වෙනත් අයගේ ධනය හෝ වේවා නිත්‍යානුකූල නොවන ගනු දෙනු වෙනුවෙන් වියදම් කරන්නා ද මෙම අනතුරු ඇඟවීම තුළට ඇතුළත් වේ.
අමතර