عن أنس بن مالك رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«إِنَّ اللهَ لَيَرْضَى عَنِ الْعَبْدِ أَنْ يَأْكُلَ الْأَكْلَةَ فَيَحْمَدَهُ عَلَيْهَا، أَوْ يَشْرَبَ الشَّرْبَةَ فَيَحْمَدَهُ عَلَيْهَا».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2734]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ආහාරය අනුභව කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන, බීම පානය කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන ගැත්තා ගැන සැබැවින්ම අල්ලාහ් තෘප්තියට පත් වන්නේය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2734]

විවරණය

අල්ලාහ්ගේ තෘප්තිය ලබන කටයුතු වලදී ගැත්තා ඔහුගේ භාග්‍යය හා ඔහුගේ ආශිර්වාදය සඳහා ඔහුගේ පරමාධිපතිට කරන ප්‍රශංසාව ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විස්තර කරයි: ඒ අනුව ඔහු යම් ආහාරයක් අනුභව කර "අල්-හම්දු ලිල්ලාහ්" යනුවෙන් පවසනු ඇත. යම් පානයක් පානය කර අල්-හම්දුලිල්ලාහ් යැයි පවසනු ඇත.

හදීසයේ හරය

  1. සර්වබලධාරී අල්ලාහ්ගේ ත්‍යාගශීලීත්වය. සැබැවින්ම ඔහු ආහාර ආශිර්වාද කර ප්‍රශංසාව පිළිගන්නේය.
  2. අල්ලාහ්ගේ තෘප්තිය ආහාර පානයෙන් පසු ප්‍රශංසා කිරීම වැනි ඉතා සරල කරුණු තුළින් හිමි වේ.
  3. ආහාර පාන පරිභෝජනයෙන් පසු උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කිරීම ආහාර පාන ගැනීමේ විනයකි.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (63)
අමතර