عن عائشة رضي الله عنها مرفوعاً: «إن المؤمن ليدرك بحسن خلقه درجة الصائم القائم»
[صحيح] - [رواه أبو داود وأحمد]
المزيــد ...
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම දේවත්වය විශ්වාස කළ තැනැත්තා ඔහුගේ යහපත් සදාචාර ගතිපැවතුම් තුළින් උපවාස ශීලය රකින්නෙකු හා රාත්රියේ අවදිව නැමදුම් කරන්නෙකුගේ නිලය ලබනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
යහපත් සදාචාරයේ මහිමය. සැබැවින්ම එය අල්ලාහ් අබියස හා ස්වර්ගයේ දී, අඛණ්ඩව උපවාසයේ නිරත වුනු; රාත්රියේ නැමදුම් ඉටු කළ පුද්ගලයකුගේ තත්ත්වයට අදාළ පුද්ගලයාව ළඟා කරනු ඇත. එම ක්රියාවන් දෙකම අති වැදගත් ක්රියවන් දෙකකි. ඒ දෙකෙහිම තමන්ට දුෂ්කරතාවක් පැවතුණ ද යහපත් සදාචාරය යනු ඉතා පහසු කරුණක් වන්නේය.