1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ප්රතිපත්තිය

නබි වදනක් කුහකයාට උපමාව බැටළු රැළ දෙකක් අතර කලබලයෙන් සිටිනා බැටළුවෙකු මෙන් ය. විටෙක ඌ එක් රැළකට පැටලෙයි. තවත් විටෙක අනෙක් රැළට පැටලෙයි

عَنِ ابْنِ عُمَرَ رضي الله عنهما عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ:
«مَثَلُ الْمُنَافِقِ، كَمَثَلِ الشَّاةِ الْعَائِرَةِ بَيْنَ الْغَنَمَيْنِ تَعِيرُ إِلَى هَذِهِ مَرَّةً وَإِلَى هَذِهِ مَرَّةً».

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී.
"කුහකයාට උපමාව බැටළු රැළ දෙකක් අතර කලබලයෙන් සිටිනා බැටළුවෙකු මෙන් ය. විටෙක ඌ එක් රැළකට පැටලෙයි. තවත් විටෙක අනෙක් රැළට පැටලෙයි."

صحيح رواه مسلم صحيح مسلم - 2784

විවරණය

මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කුහකයාගේ තත්වය පැහැදිලි කළ අතර ඔහු බැටළු රැළ දෙකෙන් කුමන බැටළු රැළක් අනුගමනය කළ යුතු දැයි නොදන්නා බැටළුවෙකු සේ වන බව පැහැදිලි කළහ. ඌ විටෙක එක් රැළකට යයි. තවත් විටෙක ඌ අනෙක් රැළට යයි. ඔවුහු දේවත්වය විශ්වාස කිරීම හා ප්‍රතික්ෂේප කීරීම අතර ව්‍යාකූලත්වයෙන් පසුවෙති. ඔවුන් මතුපිටින් මෙන්ම ඇතුළාන්තයෙන් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් සමග නැත. එමෙන්ම ඔවුන් මතුපිටින් මෙන්ම ඇතුළාන්තයෙන් දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරුන් සමග ද නැත. නමුත් ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් සමග සිටින බව මතුපිටින් පෙන්වා ගනිති. ඔවුන්ගේ අභ්‍යන්තරය සැකයේ හා කුතුහලයේ පවතී. විටෙක ඔවුන් වෙත ද විටෙක මොවුන් වෙත ද ඔවුහු නැඹුරු වෙති.

හදීසයේ හරය

  1. නියමිත අර්ථයට සමීප කරවීම සඳහා උපමා ඉදිරිපත් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟපෙන්වීමකි.
  2. දෙගිඩියාවෙන්, සැකයෙන් සහ අස්ථාවරත්වයෙන් පෙළන කුහකයින්ගේ තත්ත්වය පැහැදිලි කිරීම.
  3. කුහකයින්ගේ තත්වය ගැන අනතුරු ඇඟවීම සහ පිටතින් මෙන්ම ඇතුළාන්තයෙන් විශ්වාසය තුළ සත්‍යවාදී සහ අධිෂ්ඨානශීලීව සිටීමට උනන්දු කරවීම.

අර්ථ කථන නිරීක්ෂණය

68 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
AZ Azərbaycan الأذربيجانية
EL Ελληνικά اليونانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
LN Lingala اللينجالا
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو