+ -

عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«لَا تَجْعَلُوا بُيُوتَكُمْ قُبُورًا، وَلَا تَجْعَلُوا قَبْرِي عِيدًا، وَصَلُّوا عَلَيَّ؛ فَإِنَّ صَلَاتَكُمْ تَبْلُغُنِي حَيْثُ كُنْتُمْ».

[حسن] - [رواه أبو داود] - [سنن أبي داود: 2042]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"නුඹලාගේ නිවෙස් මිනීවලවල් බවට පත්කර නො ගන්න. මාගේ මිනීවල සැමරුමක් බවට පත්කර නො ගන්න. මා වෙත නුඹලා සලවාත් (ආශිර්වාද) පවසන්න. හේතුව සැබැවින්ම නුඹලා පවසන සලවාතය නුඹලා කවර ස්ථානයක සිටිය ද මා වෙත ළඟා වනු ඇත."

[හසන් ගණයට අයත් හදීසයකි] - [ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත] - [سنن أبي داود - 2042]

විවරණය

නිවෙස් සලාත් ඉටු නොකරන මිනිවලවල් මෙන් සලාත් ඉටු නොකර ඒවා අත්හැර දැමීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. පුරුද්දට මෙන් එතුමාණන්ගේ ‌මිනී වල නිතර නිතර බැහැදැකීමෙන් හා ඒ අසල රැස්වීමෙන් එතුමාණෝ වැළැක්වූහ. හේතුව සැබැවින්ම එය දේව ආදේශය වෙත යොමු කළ හැකි මාධ්‍යයක් වන බැවිනි. මහපොළොවේ කොතැනක සිටියත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් හා සලාම් පැවසීමට නියෝග කර ඇත. සැබැවින්ම එය සමීපයෙන් වූවත් දුරින් වූවත් එක හා සමානව එතුමාණන්ට ළඟා වනු ඇත. එබැවින් එතුමාණන්ගේ මිනීවල වෙත යෑමට අවශ්‍ය වන්නේ නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الفولانية ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri الأكانية الأوزبكية الأوكرانية الجورجية اللينجالا المقدونية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. උත්තරීතර අල්ලාහ්ට නැමදුම් කිරීමෙන් තොරව නිවෙස් පාළුවට අත්හැර දැමීමෙන් වැළැක්වීම.
  2. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිනීවල බැහැ දැකීම සඳහා වන්දනා ගමනෙහි යෑමේ තහනම. හේතුව සැබැවින්ම එතුමාණන් කෙරෙහි සලවාත් පැවසීම නියෝග කර ඇති කරුණක් වන අතර එය එතුමාණන් ළඟා වනු ඇතැයි දන්වා ඇති බැවිනි. සැබැවින්ම වන්දනා ගමන යා යුත්තේ මස්ජිදය හා එහි සලාත් ඉටු කිරීම අරමුණු කොට ගෙනය.
  3. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිනීවල වෙත නියමිත කාලයක දී නියමිත ක්‍රමයක් අනුව විටින් විට බැහැදැකීමෙන් එය උත්සවාකර්ශයට පත් කිරීමේ තහනම.
  4. සෑම කාලයකම හා සෑම ස්ථානයකම එතුමාණන් කෙරෙහි සලවාත් හා සලාම් පැවසීම ආගමානුගත කිරීමෙන් තම පරමාධිපති ඉදිරියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු ගෞරවය.
  5. මිනීවලවල් අසල සලාත් ඉටු කිරීම තහනම් කර තිබීම සහාබාවරුන් අතර පිළිගත් කරුණක් විය. එබැවින් තම නිවෙස්, සලාත් ඉටු කරනු නොලබන සොහොන් මෙන් පත් කර ගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කර ඇත.
අමතර