+ -

عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم:
«اللهُمَّ لَا تَجْعَلْ قَبْرِي وَثَنًا، لَعَنَ اللهُ قَوْمًا اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ».

[صحيح] - [رواه أحمد] - [مسند أحمد: 7358]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
"අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක් බවට පත් නොකරන්න. තම නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කරගත් පිරිසට අල්ලාහ් ශාප කළේය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [අහ්මද් එය වාර්තා කර ඇත] - [مسند أحمد - 7358]

විවරණය

ගරුබුහුමන් කරමින් හා සිරස නමන්නට දිශාවක් බවට පත් කර ගනිමින් මිනිසුන් නමදින පිළිම මෙන් තමන්ගේ මිනීවල පත් නොකරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපතිගෙන් ප්‍රාර්ථනා කර සිටියහ. පසුව කවරෙකු නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කර ගත්තේ ද ඔවුන් ඔහුගේ කරුණාවෙන් දුරස් වන බවත් නෙරපා හරින බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. සැබැවින්ම ඒවා දේවස්ථාන බවට පත් කර ගනිමින් ඒවායෙහි නැමදුම් කිරීම හා ඒවා මත විශ්වාස කිරීම පහත් කටයුතු අතරින් වන බැවිනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية Malagasy ඉතාලි Oromo Kannada Azeri الأوزبكية الأوكرانية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. නබිවරුන්ගේ හා දැහැමියන්ගේ මිනීවලවල් සම්බන්ධයෙන් ආගමික සීමාවන් ඉක්මවා ගොස්, අල්ලාහ් හැර දමා ඒවා නැමදුම් කිරීමට ගැනීම. බහුදේව වාදයට තුඩු දෙන හේතු සාධකවලින් වැළකී සිටීම අනිවාර්යය වේ.
  2. මිනීවලවල් ගරුබුහුමන් කිරීම සඳහාත් ඒවා අබියස නැමදුම් කිරීම සඳහාත් ඒවා උත්තරීතර අල්ලාහ්ට වඩාත් සමීපතයින්ගේ වුව ද ඒවා අරඹයා වන්දනාවේ යෑම නුසුදුසු ක්‍රියාවකි.
  3. මිනී වලවල් මත දේවස්ථාන ඉදි කිරීමේ තහනම.
  4. මිනී වලවල් අසළ සලාත් ඉටු කිරීමේ තහනම. ජනාසා සලාතයට හැර වෙනත් සලාත් ඉටු කිරීම සඳහා නිර්මාණය කර නොමැති ස්ථානයක වුව ද එසේමය.
අමතර