+ -

عن أبي موسى الأشعري رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«إِذَا مَرِضَ الْعَبْدُ أَوْ سَافَرَ كُتِبَ لَهُ مِثْلُ مَا كَانَ يَعْمَلُ مُقِيمًا صَحِيحًا».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 2996]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ගැත්තා රෝගාතුර වූ විටෙක හෝ ගමනක නිරත වූ විටෙක, ඔහු නිරෝගීව හා පදිංචිව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියාවන්ට සමාන දෙයක් ඔහුට නියම කරනු ලැබේ."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 2996]

විවරණය

අල්ලාහ්ගේ මහිමය හා ඔහුගේ කරුණාව පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. සැබැවින්ම මුස්ලිම්වරයකුගේ පුරුද්දක් ලෙස තමන් නිරෝගීව හා පදිංචිව සිටිය දී කරමින් ආ දැහැමි ක්‍රියාවන් වී නම්, පසුව ඔහු යම් හේතුවත් මත රෝගී තත්ත්වයට පත්ව එය ඉටු කිරීමට නොහැකි වූ විටෙක හෝ එය ඉටු කිරීමට නොහැකිව ගමනක නිරත වූ විටෙක, එය කවර හෝ බාධකයක් වුව ද ඔහු නිරෝගී තත්ත්වයේ හා පදිංචි ව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියාවන්ට සමාන පූර්ණ ප්‍රතිඵල ඔහුට ලියනු ලැබේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية Malagasy ඉතාලි Oromo Kannada Azeri الأوزبكية الأوكرانية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. අල්ලාහ් තම ගැත්තන් හට පිරිනමා ඇති භාග්‍යයේ විශාලත්වය.
  2. අල්ලාහ්ට නැමදුම් කටයුතුවල දී කැප වන මෙන් හා නිරෝගීව හා විවේකීව සිටින අවස්ථාවන්හි කාල වේලාවන් ප්‍රයෝජනයට ගන්නා මෙන් දිරි ගන්වා ඇත.
අමතර