1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇත්තෙමි

عَنْ المُغِيرَةِ رضي الله عنه قَالَ:
كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ، فَأَهْوَيْتُ لِأَنْزِعَ خُفَّيْهِ، فَقَالَ: «دَعْهُمَا، فَإِنِّي أَدْخَلْتُهُمَا طَاهِرَتَيْنِ» فَمَسَحَ عَلَيْهِمَا.

අල් මුගීරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා මෙසේ පැවසීය:
“මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමි. එවිට එතුමාගේ හමින් සාදන ලද පාවහන් දෙක ගලවන්නට බැස්සෙමි. එවිට එතුමාණෝ: "ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇත්තෙමි" යැයි පවසා පසුව එතුමා ඒ දෙක මත පිරිමැද්දාහ.

صحيح متفق عليه صحيح البخاري - 206

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම එක් ගමනක වුළූ ධෝවනය කළහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙපා සේදීමට ගිය විට, මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හු) තුමාණන් එතුමාණන්ගේ දෙපා සෝදා ගැනීම සඳහා එතුමාණන් පැළඳ සිටි හමින් සාදන ලද පාවහන් දෙක ගැලවීමට තම දෑත් දිගු කළේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: ඒ දෙක අත්හරින්න. ඒ දෙක ගළවන්න එපා. සැබැවින්ම මාගේ දෙපා මා ඒ දෙක තුළට ඇතුළු කළේ පිරිසිදු තත්ත්වයේ සිටිය දීය යැයි පවසා සිටියහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම දෙපා සේදීම වෙනුවට හමින් සාදන ලද එතුමාණන්ගේ පාවහන් දෙක මත ජලයෙන් පිරිමැද්දහ.

හදීසයේ හරය

  1. සුලු කිලිටි අවස්ථාවක වුළූ ගන්නා විට දී පාවහන් මත මස්හ් හෙවත් තෙත් අතින් පිරිමැදීම ආගමානුගත කරන ලද්දකි. මහා කිලිටි අවස්ථාවක ස්නානය කිරීමේ දී දෙපා සේදීම අනිවාර්යය වේ.
  2. හමින් සාදන ලද පාවහන් දෙක, මතුපිටින් තෙත් වූ අත ගෙන යමින් එක් වරක් පමණක් පිරිමැදීම සිදු කළ යුතුයි. එය පතුළෙහි නොවිය යුතුය.
  3. හමින් සාදන ලද පාවහන් දෙක මත පිරිමැදීමේ දී ඇතැම් කොන්දේසි පිළිපැදිය යුතු වේ. තම පාද දෙක ඇතුළුව පූර්ණ වුළූ ගැනීමකින් පසුව ඒ දෙක පැළඳ සිටීම. මේස් කට්ටලය පිරිසිදුව තිබීම. පාදයේ අනිවාර්යයෙන් සේදිය යුතු ස්ථානය වැසී තිබීම, ජනාබත් හෝ ස්නානය අනිවාර්යය වූ අවස්ථාවක නොව, සුළු කිලිටි අවස්ථාවේ දී පමණක් ඒ දෙක මත පිරිමැදීම. මස්හු කිරීම සඳහා දහම්ගත කර ඇති නියමිත කාලය තුළ මස්හු කිරීම, එනම් පිදිංචිකරුවකුට රාත්‍රිය හා දහවල ඇතුළුව දිනක්. මගියකුට රාත්‍රී හා දහවල් ඇතුළුව දින තුනක්.
  4. හමින් සාදන ලද පාවහන් දෙක මත මස්හු කිරීම යන ප්‍රකාශය තුළ දෙපා ආවරණය කරන මේස් හා වෙනත් දෑ ද ඇතුළත් වේ. ඒ මත මස්හ් කිරීමට අනුමැතිය ඇත.
  5. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යහපත් ගතිගුණ හා එතුමාණන්ගේ ඉගැන්වීම. එය පාවහන් ගලවන්නට ගිය මුගීරාව වළක්වා ඔහුගේ සිත සන්සුන් වන්නටත් අදාළ නීතිය හඳුන්වා දීමටත් තමන් ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇති බවට කරුණු පැහැදිලි කිරීම තුළින් නිරූපණය වේ.

අර්ථ කථන නිරීක්ෂණය

58 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية