+ -

عَنْ أَنَسٍ رضي الله عنه قَالَ:
جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللهِ، مَا تَرَكْتُ حَاجَّةً وَلَا دَاجَّةً إِلَّا قَدْ أَتَيْتُ، قَالَ: «أَلَيْسَ تَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ؟» ثَلَاثَ مَرَّاتٍ. قَالَ: نَعَمْ، قَالَ: «فَإِنَّ ذَلِكَ يَأْتِي عَلَى ذَلِكَ».

[صحيح] - [رواه أبو يعلى والطبراني والضياء المقدسي] - [الأحاديث المختارة للضياء المقدسي: 1773]
المزيــد ...

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය:
මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, කිසිදු කුඩා හෝ මහා පාපයක් සිදු නොකර ඒ කිසිවක් අත් නොහැරියෙමි". එතුමාණෝ: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔබ සාක්ෂි නොදැරුවෙහි ද?" යැයි තුන්වරක්ම විමසා සිටියහ. ඔහු: එසේය යැයි පැවසීය. එතුමාණෝ: සැබැවින්ම එය එය අභිබවා යනු ඇත.

[පූර්ව සාධක සහිත හදීසයකි] - - [الأحاديث المختارة للضياء المقدسي - 1773]

විවරණය

මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම සියලු ආකාරයේ පාපකම් හා වැරදි සිදු කර ඇත්තෙමි. කුඩා හෝ වේවා විශාල හෝ වේවා ඒ කිසිවක් සිදු නොකර අත් නොහැරියෙමි. ඉතින් මට සමාව හිමිවනු ඇත්දැයි විමසා සිටියේය." එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට "ඔබ නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොමැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් සාක්ෂි දරා නැති ද?" යැයි විමසා සිටියහ. එතුමාණෝ මෙය නැවත නැවතත් තුන් වරක් ඔහුට පවසා සිටියහ. එවිට ඔහු පිළිතුරු දෙමින්, "එසේය මම සාක්ෂි දරමි" යැයි පැවසීය. සාක්ෂියේ ප්‍රතිපත්තිමය ප්‍රකාශ දෙකෙහි මහිමය, පාපකම්වලට එය ප්‍රතිකර්මයක් වීම හා සැබැවින්ම "තව්බාව" නොහොත් පශ්චාත්තාපය එයට පෙර සිදු වූ සියල්ල විනාශ කර දමන බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔහුට දන්වා සිටියහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri اليونانية الأوزبكية الأوكرانية الجورجية اللينجالا المقدونية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ප්‍රතිපත්තිමය සාක්‍ෂි දෙකේ ශ්‍රේෂ්ඨත්වය. කවරෙකු එය හදවතින්ම, අවංක ව පවසන්නේ ද එය ඔහුගේ පාපකම් අභිබවා යනු ඇත.
  2. ඉස්ලාමය, එයට පෙර ඇති වූ දේ මකා දමනු ඇත.
  3. අවංක තව්බාව (පශ්චාත්තාපය) එයට පෙර ඇති වූ දෑ මකා දමනු ඇත.
  4. ඉගැන්වීමේ දී යමක් නැවත නැවතත් ප්‍රකාශ කර සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මඟ පෙන්වීමකි.
  5. ප්‍රතිපත්තිමය ප්‍රකාශයේ සාක්ෂි දෙකෙහි මහිමය. සදා කල් නිරයේ රැඳී සිටීමෙන්, මිදෙන්නට එය හේතුවක් වේ.
අමතර