عن أبي سعيد وأبي هريرة رضي الله عنهما مرفوعاً: «ما يُصيب المسلم من نَصب، ولا وصَب، ولا هَمِّ، ولا حَزن، ولا أَذى، ولا غَمِّ، حتى الشوكة يُشاكها إلا كفر الله بها من خطاياه».
[صحيح] - [متفق عليه]
المزيــد ...
අබූ සඊද් තුමා හා අබූ හුරෙයිරා තුමා (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුස්ලිම්වරයකුට යම් ලෙඩක්, වෙහෙසක්, දුකක්, තැවුලක්, වේදනාවක් හෝ අධික කම්පනයක් ඇති වූ විටෙක එය කටුවක් ඇනීමෙන් වුව ද, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුගේ වැරදි කමා කරනු මිස නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
හදීසයේ අර්ථය: මුස්ලිම් වරයකුට ලෙඩ රෝග, දුක් කරදර, ව්යසන, පරීක්ෂණ, අනතුරු, බිය, වික්ෂිප්ත යමක් සිදු වන්නේ නම් එය ඔහුගේ පාපකම් සඳහා ප්රතිකර්මකයක් මෙන්ම ඔහුගේ වැරදිවලට සමාවක් වන්නේය. මිනිසා ඒ මත ඉවසීම හා බලාපොරොත්තුව ප්රගුණ කළ විටෙක -ඉන් අදහස් කරනුයේ කුසල්වල බලාපොරොත්තුවයි.- එවිට ඒ සමගම ඔහුට කුසල් හිමි වනු ඇත. ඇතිවන දුෂ්කරතා කොටස් දෙකක මත පිහිටයි. විටෙක: මිනිසාට යම් කරදරයක් ඇති වූ විටෙක කුසල් පිළිබඳ මෙනෙහි කරයි. ඔහු එම කරදරයෙන් අල්ලාහ්ගෙන් කුසල් බලාපොරොත්තු වෙයි. එවිට එහිදී ඵල ප්රයෝජන දෙකක් අත් වෙයි. පාපකම් සඳහා ප්රතිකර්මය හා යහපත් කටයුතු වර්ධනය වීම. තවත් විටෙක: ඒ ගැන නොසළකා හැර ඔහුගේ හදවත පීඩනයට පත් වෙයි. ඔහුට මැලිකම හා ඒ හා සමාන දෑ හට ගනී. ප්රතිඵල බලාපොරොත්තුවේ අධිෂ්ඨානය ගැන හෝ අල්ලාහ් මත කුසල් පවතී යන්න වග නොසළකා හරියි. එවිට එහිදී ඔහුගේ පාපකම්වලට ප්රතිකර්මයක් ඇති වේ. එවිට ද ඔහු සෑම තත්ත්වයකම ප්රතිලාබ ලබන්නෙකු වෙයි. කිසිදු කුසලක් නොලබා; පාපකම් සඳහා ප්රතිකර්මය හා වැරදි සඳහා සමාව ලැබීම පමණක් වූ කලී: ඊට හේතුව සැබැවින්ම ඔහු කිසිවක් අධිෂ්ඨාන කළේ නැත. ඉවසුවේ නැත. කුසල් බලාපොරොත්තු වූයේ නැත. ඉහත කී පරිදි පාපකම් සඳහා ප්රතිකර්මය මෙන්ම අල්ලාහ්ගෙන් වූ කුසල් ලැබීම යන කරුණු දෙකින්ම ප්රතිලාභ ලැබීම වූ කලී: ඊට හේතුව මිනිසාට කටුවකින් පවා යම් උවදුරක් ඇති වූ විටෙක එම උවදුර සඳහා අල්ලාහ්ගෙන් කුසල් බලාපොරොත්තුව ඔහු මෙනෙහි කර කරන බැවිණි. එවිට එය ඔහුගේ පාපකම් වලට ප්රතිකර්මයක් වීමත් සමග ඒ සඳහා ප්රතිඵල ද පිරිනමන තරමට පත් වෙයි. මෙය ශුද්ධ වූ උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාදයයි, ඔහුගේ දයාවයි, ඔහුගේ උපකාරයයි. එය මුඃමින්වරයකු පරීක්ෂා කරනු ලැබීමෙන් පසු ව එම පරීක්ෂණය සඳහා ඔහුට කුසල් පිරිනැමීමෙන් හෝ ඔහුගේ පාපකම් ඔහුගෙන් පහකර දැමීමෙන් සිදු වන්නකි. සටහන: වැරදිවලට සමාව හිමි වනුයේ කුඩා වැරදි සඳහා මිස පැහැදිලි තව්බාවකින් -පාපක්ෂමාවකින්- මිස ඉවත් නොවන මහා වැරදි සඳහා නොවේ.