+ -

عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«قَالَ اللهُ تَبَارَكَ وَتَعَالَى: أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي تَرَكْتُهُ وَشِرْكَهُ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2985]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2985]

විවරණය

සෑබවින්ම උත්තරීතර අල්ලාහ් තමන් හවුල් භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් තොර බව පවසා සිටින්නේ යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. ඔහු සියලු දෑහි අවශ්‍යතාවන්ගෙන් තොරය. සැබැවින්ම මිනිසා යම් නැමදුම් කටයුත්තක් සිදු කළ විට, එය අල්ලාහ්ටත් ඔහු හැර වෙනත් අයටත් පත් කර ගන්නේ නම් අල්ලාහ් ඔහුව අත්හැර දමන අතර ඔහුගෙන් එය පිළිගන්නේ ද නැත. එය අදාළ තැනැත්තාටම යොමු කරයි. උත්තරීතර අල්ලාහ්ට පමණක් ක්‍රියාව අවංකව ඉටු කිරීම අනිවාර්යය වේ. හේතුව ගෞරවණීය ඔහුගේ තෘප්තිය වෙනුවෙන් අවංකව සිදු කරන දෑ හැර වෙනත් කිසිවක් සුවිශුද්ධයාණන් පිළිගන්නේ නැති බැවිනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الفولانية ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri الأكانية الأوزبكية الأوكرانية الجورجية اللينجالا المقدونية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ෂිර්ක් හෙවත් ආදේශ කිරීම, හවුල් කිරීම යන සියලුම ස්වරූපයන්ගෙන් වැළකී සිටිය යුතුය. සැබැවින්ම එය ක්‍රියාව පිළිගනු ලැබීම වළක්වනු ඇත.
  2. අල්ලාහ්ගේ ස්වයංපෝෂිත්වය හා ඔහුගේ බලවත්භාවය හඳුනා ගැනීමේ ක්‍රීයාව තුළ අවංකභාවය දක්වන්නට උපකාරී වේ.
අමතර