عن أنس بن مالك رضي الله عنه مرفوعاً: «يَسِّرُوا وَلاَ تُعَسِّرُوا، وَبَشِّرُوا وَلاَ تُنَفِّرُوا».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “පහසු කරනු. අපහසු නොකරනු. සුබ පතනු. ඵලවා නොහරිනු.“
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ජනයාට සැහැල්ලු කිරීම හා පහසු කිරීම ප්රිය කරන්නෙකු වූහ. කරුණු දෙකක් අතර යමක් තිබෙන විට ඒ දෙකින් පහසුම දේ හැර එය තහනමට පත් නොවන තාක් කල්, වෙනත් කිසිවක් තෝරා ගත්තේ නැත. පහසු කරනු. අපහසු නොකරනු යන එතුමාගේ ප්රකාශය සියලුම තත්ත්වයන් තුළ බල පැවැත්වේ. සුබ පතනු ඵලවා නොහරිනු යන ප්රකාශයෙහි සුබ පතනු යනු යහපත දන්වා සිටීමය. ඵලවා නොහරිනු යන්නෙන් අදහස් කරනුයේ නපුරු හා හානිදායක දෑ දන්වා සිටීමය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ජනයාට අල්ලාහ් පිළිබඳ කැමැත්ත ඇති කිරීමත් යහපත් කටයුතුවලදී ඔවුන් දිරි ගැන්වීමත් මුඃමින්වරයකුට අනිවාර්යය වන්නේය.
  2. ඉස්ලාමයේ ඇරයුම ජනයා වෙත ප්රචාර කිරීමේ ක්රමවේදයන් ප්රඥාවෙන් යුතු ව විමසා බැලීම අල්ලාහ් වෙත ඇරයුම් කරන්නාහට අවශ්ය වන්නේය.
  3. ඇරයුම් කරන්නා ජනයාහට ශුභාරංචි ඉදිරිපත් කරන විට ඔහුට සතුට, පිළිගැනීම හා සැනසුම ජනනය කරනු ඇත.
  4. දුෂ්කරතාවට පත් කිරීම ඇරයුම් කරන්නාගේ කතාවෙහි පලායෑම, පසුබෑම හා සැකය ජනනය කරනු ඇත.
  5. අල්ලාහ් තම ගැත්තන් හට පෙන්වන කරුණාවේ විශාලත්වය. සැබැවින්ම ඔහු ඔවුන් වෙනුවෙන් සමාදායී දහමක් හා පහසු පිළිවෙතක් පිළිගෙන ඇත්තේය.
අමතර