عن عبد الله بن عمرو بن العاص رضي الله عنهما مرفوعاً: قال: لم يكن رسول الله صلى الله عليه وسلم فاحشاً ولا متفحشاً، وكان يقول: «إن من خياركم أحسنكم أخلاقًا».
[صحيح] - [متفق عليه]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අශීලාචාර හෝ දුෂ්ඨකම් කරන්නෙකු නොවූහ. එතුමා “සැබැවින්ම නුඹලා අතර ශ්රේෂ්ඨයා වනුයේ, නුඹලා අතර සදාචාරයෙන් වඩාත් යහපත් තැනැත්තාය.” යැයි පවසමින් සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අසභ්ය වචන පවසන්නෙකු හෝ නපුරු ක්රියාවන් සිදු කරන්නෙකු හෝ නොවූහ. එය උවමනාවෙන් හෝ බලකිරීමෙන් හෝ නොවූහ. එතුමා වඩාත් යහපත් සාරධර්මවලින් පිරුණු කෙනෙක් වූහ. දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වඩාත් උතුම් පුද්ගලයා සදාචාරයෙන් වඩාත් අලංකාර පුද්ගලයා වන්නේ යැයි දන්වා සිටියහ. ඊට හේතුව යහපත් සදාචාරය යහපත් දෑ සිදු කිරීමටත් නරක දෑ අතහැරීමටත් ඇරයුම් කරන බැවිනි.