عن عبد الله بن عمرو رضي الله عنهما قال:
لَمْ يَكُنِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاحِشًا وَلَا مُتَفَحِّشًا، وَكَانَ يَقُولُ: «إِنَّ مِنْ خِيَارِكُمْ أَحْسَنَكُمْ أَخْلَاقًا».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 3559]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අසභ්‍ය වචන කතා කරන්නෙකු හෝ අසභ්‍ය ක්‍රියා සිදු කරන්නෙකු ලෙස සිටියේ නැත. සැබැවින්ම එතුමාණෝ මෙසේ පවසමින් සිටියහ: "සැබැවින්ම ඔබ අතරින් වඩාත් උතුම් අය වනුයේ ඔබ අතර සිටින ගතිගුණවලින් වඩාත් යහපත් තැනැත්තාය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 3559]

විවරණය

අවිනීත වචන කතා කිරීම හෝ අවිනීත ක්‍රියාවන්හි නිරතවීම හෝ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංග අතරින් නොවීය. එතුමාණෝ එවැන්නක් නොසිතු අතර එවැන්නක් සඳහා අධීෂ්ඨාන කර ගත්තේ ද නැත. එතුමාණෝ මහඟ ගුණ යහපත් බවින් යුක්ත වූහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ද පවසමින් සිටියහ: සැබැවින්ම ඔබ අතරින් අල්ලාහ් අබියස ගතිගුණවලින් වඩාත් උතුම් තැනැත්තා වනුයේ යහ ක්‍රියා සිදු කරන, සිනහමුසු මුහුණින් හමු වන, හිංසා‌වෙන් වැළකී ඒවා විඳ දරාගන්නා හා මිනිසුන් සමග අලංකාර අයුරින් ආශ්‍රය කරන තැනැත්තාය.

හදීසයේ හරය

  1. අවිනීත වචන හා අසභ්‍ය ක්‍රියාවන්ගෙන් වූ අශීලාචාර දැයින් ඉවත්වී සිටීම මුඃමින්වරයා සතු වගකීමකි.
  2. අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යහගුණවල පරිපූර්ණත්වය, එතුමාණන්ගෙන් යහ ක්‍රියා හා යහ වචන හැර වෙන කිසිවක් නිකුත් වූයේ නැත.
  3. යහ ගුණ තරඟ වදින භූමිකාවකි. කවරෙකු පෙරටු වන්නේ ද ඔහු දේවත්වය විශ්වාස කරන උදවිය අතර උතුම් මෙන්ම දේව විශ්වාසයෙන් පරිපූර්ණවත් තැනැත්තෙකි.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (63)
අමතර