«لَأَنْ أَقُولَ: سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلهِ، وَلَا إِلَهَ إِلَّا اللهُ، وَاللهُ أَكْبَرُ، أَحَبُّ إِلَيَّ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2695]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"සැබවින්ම සුබ්හානල්ලාහි, වල්හම්දු ලිල්ලාහි, වලා ඉලාහ ඉල්ලල්ලාහු, වල්ලාහු අක්බර් -අල්ලාහ් සුවිශුද්ධය; සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය; අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත; අල්ලාහ් අති ශ්රේෂ්ඨය.- යනුවෙන් මා පවසා සිටීම හිරු කවර තැනකට උදාවන්නේ ද එයට වඩා මා වෙත ඉතා ප්‍රියමනාපය.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2695]
මෙම මහඟු වදන් පෙළ මගින් අල්ලාහ්ව මෙනෙහි කිරීම මෙලොව හා එහි ඇති දෑට වඩා ශ්‍රේෂ්ඨ වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. එනම්:
"සැබවින්ම සුබ්හානල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය) සියලුම අඩුපාඩුවලින් අල්ලාහ්ව පිවිතුරු කිරීම.
"අල්හම්දු ලිල්ලාහි" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය.) ඔහුට ආදරය කිරීම හා ගරුබුහුමන් කිරීමත් සමග පූර්ණවත් ගුණාංග තුළින් ඔහුට පැසසුම් කිරීම.
“ලා ඉලාහ ඉල්ලල්ලාහු" සැබෑ ලෙස නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත.
අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) එනම්: සියලු දෑට වඩා ඔහු අති බලවත් මෙන්ම අතිශය කීර්තිමත්ය.