«إِنَّ الْمُقْسِطِينَ عِنْدَ اللهِ عَلَى مَنَابِرَ مِنْ نُورٍ، عَنْ يَمِينِ الرَّحْمَنِ عَزَّ وَجَلَّ، وَكِلْتَا يَدَيْهِ يَمِينٌ، الَّذِينَ يَعْدِلُونَ فِي حُكْمِهِمْ وَأَهْلِيهِمْ وَمَا وَلُوا».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1827]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“සැබැවින්ම යුක්තිගරුකයින් සර්ව බලධාරී, කීර්තිමත්, මහා කාරුණිකයාණන්ගේ දකුණු දෙසින් ඇති, අල්ලාහ් වන ඔහු අභියස ආලෝකයෙන් වූ වේදිකාවන් මත සිටිති. ඔහුගේ දෑත් දකුණු දෙසින් පවතී. ඔවුන් වනාහි, ඔවුන්ගේ තීන්දුවලත් ඔවුන්ගේ පවුල් අතරත් ඔවුන් භාරගත් දෑ අතරත් සාධාරණය ඉටු කරන්නන් වූහ.”
තම අණසක, තම විනිශ්චය හා තම භාරකාරත්වය යටතේ සිටින මිනිසුන් අතර යුක්තිය සහ සත්‍යය පදනම් කර ගෙන විනිශ්චය කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ආලෝකයෙන් මවන ලද උස් සහ ඉහළ ආසන මත වාඩි වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටී. එම වේදිකා උත්තරීතර මහා කාරුණිකයාණන්ගේ දකුණු දෙසින් පිහිටා තිබේ. ඔහුගේ දෑත් දකුණු ය.