නබි වදන් ලැයිස්තුව

1. මා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ආගම් ලත් ජනයා වෙසෙන භූමියක වෙසෙමු. එබැවින් ඔවුන්ගේ භාජනවල අප අනුභව කළ හැකිදැ?යි විමසුවෙමු.
عربي الإنجليزية الأوردية
2. ‘අල්ලාහ්ගේ දූතයාණනි” අප අතුරින් කෙනෙකු ජනාබත් තත්ත්වයේ සිටිය දී නිදා ගත හැකි දැ?’යි විමසුවේය. එවිට එතුමා: “එසේය” නුඹලා අතරින් කෙනෙකු වුළු ධෝවනය කර ගත්තේ නම්, ඔහු ජුනුබ් තත්ත්වයේ සිටියදීම නිදා ගනිත්වා !”
عربي الإنجليزية الأوردية
3. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: විශ්වාස කරන මාගේ ගැත්තෙකුහට මෙලෝවාසීන් අතරින් ඔහු ආදරය කරන තැනැත්තෙකු මා අත්පත් කර ගත් විටෙක පසුව ඔහු එය ඉවසා දරා ගත්තේ නම් මා අබියස ස්වර්ගය මිස වෙනත් කිසිවක් නොවනු ඇත.
عربي الإنجليزية الأوردية
4. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එබැවින් ඉෂා සලාතය ප්රමාද වී ඉටු කළහ. රකආත් දෙකින් එකක ‘වත්තීනි වස්සෙයිතූන්’ යන සූරාව පාරායනය කළහ. ඔහුට වඩා පාරායනයෙන් හා කට හඬින් අලංකාර කිසිවකුට මා සවන් දී නැත.
عربي الإنجليزية الأوردية
5. (හජ් වන්දනාකරුවන් වන) ඔවුන්ගේ අවසන් ගිවිසුම දේව නිවස (තවාෆ් කිරීමත්) සමග විය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මිනිසුනට නියෝග කළේය. නමුත් ඔසප් තත්වයේ පසු වන කාන්තාවට සහන සලසන ලදී. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
6. ඔබ අතුරින් කෙනෙකු, “සැබැවින්ම මම පැතුවෙමි. නමුත් මට පිළිතුරු දෙනු නොලැබීය“ යැයි පවසා ඉක්මන් නොවන තාක්කල් පිළිතුරු දෙනු ලබනු ඇත.
عربي الإنجليزية الأوردية
7. එසේනම්, ඔබ ඔබේ දෙමව්පියන් වෙත ගොස් ඔවුන් දෙපොළ සමඟ සුහදව කටයුතු කරනු.
عربي الإنجليزية الأوردية
8. නුඹලා අදින විට ද වුළූ ධෝවනය කරන විට ද නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.
عربي الإنجليزية الأوردية
9. දේව රාජ්යය තුළ දේවාසනය මිහිකතේ පාළුකරයක් මත හෙළනු ලැබූ යකඩ මුද්දක් මෙන් මිස නොවනු ඇත.
عربي الإنجليزية الأوردية
10. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පා ගමනින් හා වාහනිකව කුබා දේවස්ථානය වෙත ගොස් එහි රකආත් දෙකක් සලාත් ඉටු කරන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
11. අපරාධකාරී ලෙස ඝාතනය කරන සෑම ආත්මයකින්ම පළමු ආදම්ගේ පුතු මත එහි රුධිරයෙන් කොටසක් හිමිවනු මිස නැත. සැබැවින්ම එය ඝාතනය කිරීමේ පිළිවෙත අරම්භ කළවුන් ඔහු වන බැවිණි.
عربي الإنجليزية الأوردية
12. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අමු මිස්වාක් දැහැටියෙන් දත් පිරිසිදු කරමින් සිටියදී මම එතුමා වෙත පැමිණියෙමි.” හෙතෙම තවදුරටත්: “මිස්වාක් දැහැටියේ එක් කොණක් එතුමාගේ දිව මත විය. මිස්වාක් දැහැටිය කටේ තිබියදී එතුමා වමනය කරන්නාක් මෙන් අඃ අඃ යැයි පැවසීය.”
عربي الإنجليزية الأوردية
13. අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී බක්ර් අස්-සිද්දීක් (රළියල්ලාහු අන්හුමා) තුමා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පිවිසුණහ. මම ද එතුමාණන් ව මාගේ පපුවට තුරුල් කරමින් සිටියෙමි. අබ්දුර් රහ්මාන් සතු ව කට පිරිසිදු කරන අමු මිස්වාක් දැහැටියක් විය. අල්ලාහ්ගේ දූතයාණෝ තම බැල්ම ඒ වෙත යොමු කළහ.
عربي الإنجليزية الأوردية
14. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඉෂා සලාතය ඝණාන්ධකාරයේ (ප්රමාද කොට) ඉටු කළහ. එවිට උමර් තුමා පිටතට පැමිණ ‘අහෝ! අල්ලාහ්ගේ දූතයාණනි, සලාතය! කාන්තාවන් හා දරුවන් නින්දට ගොස් ඇත.’ යැයි පැවසීය. පසුව තම හිසෙන් ජල බිංදු වැටෙන තත්ත්වයේ එතුමා පිටතට පැමිණ මෙසේ පැවසීය. “මාගේ සමූහයාට අසීරු කාර්යයක් නොවී නම් මෙම සලාතය මෙම වේලාවේ ඉටු කරන්නට මම ඔවුනට නියෝග කරමි.”
عربي الإنجليزية الأوردية
15. අහෝ ආඉෂා, ඔබ අවදි වී විත්ර් ඉටු කරනු.
عربي الإنجليزية الأوردية
16. වඩාත් උතුම් වනුයේ කවර සලාතයක් දැයි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- විමසන ලදී. එතුමා, “කූනූතය දිගු සලාතය“ යැයි පැවසූහ.
عربي الإنجليزية الأوردية
17. අල්ලාහ් අබියස මෙලොව මැස්සෙකුගේ පියාපතකට හෝ සමාන වන්නේ නම්, දෙවියන් ප්රතික්ෂේප කරන කිසිවකුට එහි කිසිදු ජල පානයක් හෝ සපයන්නේ නැත.
عربي الإنجليزية الأوردية
18. නියතවම සෑම සමාජයකට යම් අර්බූදයක් ඇත. මාගේ උම්මතයේ අර්බූදය වනුයේ මුදල්ය යැයි නබි තුමා පැවසීය. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
19. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බලවත් තරබාරු මිනිසකු පැමිණෙයි. අල්ලාහ් අභියස කෝදුරුවෙකුගේ පියාපතක තරම්වත් ඔහුට වටිනාකමක් නොවනු ඇත.
عربي الإنجليزية الأوردية
20. උහුද් කන්ද තරමට මට රත්තරන් වී නම්, මා ණය පියවීම සඳහා යමක් හැර ඉන් වෙනත් කිසිවක් මා සතුව තිබී එය මා ළඟ රාත්රී තුනක් ගෙවී නොයෑම මා සතුටු කරවනු ඇත.
عربي الإنجليزية الأوردية
21. මතුලොව විෂයයෙහි මෙලොව වනාහි ඔබ අතුරින් කිසිවකු තම ඇගිල්ල මුහුදට දමා එහි තැවරෙන දෑ මෙන් මිස නැත. නැවත හැරී එනුයේ කුමක් දැයි අවධානයෙන් බලත්වා!
عربي الإنجليزية الأوردية
22. කවරෙකුට දැඩි අවශ්යතාවක් ඇති වී, ඔහු මිනිසුන්ගෙන් එය ඉල්ලා සිටින්නේ නම් ඔහුගේ අවශ්යතාව පිරිමැසෙන්නේ නැත. කවරෙකු එය අල්ලාහ් වෙතින් ඉල්ලා සිටින්නේ ද මතුලොවෙහි හෝ මෙලොවෙහි හෝ පෝෂණය අල්ලාහ් ඔහුට ළඟා කර දෙයි.
عربي الإنجليزية الأوردية
23. ආල්ලාහ්ගේ මාර්ගයේ ආකාර දෙකකින් වියදම් කරන්නා ස්වර්ගයේ දොරටු අතරින්, අහෝ අල්ලාහ්ගේ ගැත්තනි! මෙය යහපතකි. යැයි පවසා ඇරයුම් කරනු ලැබේ. එමෙන්ම කවරෙකු සලාතය ඉටු කරන්නන් අතරින් කෙනකු වූයේද ඔහුව සලාතයේ දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. කවරෙකු ජිහාද්හි නිරතවන්නන් අතරින් කෙනෙකු වූයේද ඔහුව ජිහාද්හි දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ.
عربي الإنجليزية الأوردية
24. කවරෙකු මා සිහිනයෙන් දුටුවේ ද ඔහු අවදියෙන් සිටියදී මා දකිනු ඇත. - එසේ නැතිනම්, අවදියෙන් සිටියදී ඔහු මා දකින්නාක් මෙනි. - ෂෙයිතාන් මාගේ හැඩරුව නොගනියි.
عربي الإنجليزية الأوردية
25. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මරණයට පත් වූහ. මා සතු රාක්කයක තිබුණ බාර්ලි කොටසක් හැර කුස ඇත්තන් ආහාරයට ගන්නා යමක් මාගේ නිවසෙහි නොතිබිණ. දිගු කාලයක් ගත වන තුරුම මම එයින් අනුභව කළෙමි. පසුව මම එය කිරුවෙමි. ඒ සමගම එය අවසන් වී ගියේය.
عربي الإنجليزية الأوردية
26. කරුණු තුනක් මරණය පසුපස හඹා යයි. එය ඔහුගේ පවුල, ඔහුගේ ධනය හා ඔහුගේ ක්රියාවයි. නමුත් කරුණු දෙකක් නැවත හැරී යන අතර එකක් පමණක් ඉතිරිවෙයි. ඔහුගේ පවුල හා ඔහුගේ ධනය නැවත හැරී යන අතර ඔහුගේ ක්රියාව ඉතිරිව පවතී.
عربي الإنجليزية الأوردية
27. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා රාත්රිය ආරම්භයේ නිදා ගෙන, එහි අවසානයේ අවදි වී සලාතය ඉටු කරන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
28. අල්ලාහ් කරුණාව කොටස් සියයක් බවට නියම කර; ඉන් අනූ නවයක් ඔහු ළඟ රඳවා ගෙන; එක් කොටසක් පමණක් මහපොළොවට පහළ කළේය. මැවීම් අතර එකිනෙකා කරුණාවෙන් කටයුතු කිරීම ද එම කොටසින් වන්නේය. එය කෙතරම් ද යත් සත්වයා තම පැටියාට යමක් සිදුවනු ඇතැයි බිය වී, උගේ කොර උගෙන් ඔසවා ගැනීම පවා සිදුවනුයේ ඒ හේතුවෙනි. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
29. ඔබ අතරින් පාළු කාන්තාර භූමියේ අතරමං කර ගත් තම ඔටුවා අහම්බෙන් හමු වූ අයකුට වඩා අල්ලාහ් තම ගැත්තෙකු පතන පාපක්ෂමාව හේතුවෙන් දැඩි සේ සතුටට පත් වන්නේය. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
30. ගැත්තා පතන පාපක්ෂමාව ඔහුගේ ගෙල හිර නොවන තාක් කල් සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් පිළිගන්නේය. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
31. ජුමුආ දිනයේ ඊට පෙර හෝ ඊට පසු දිනක් උපවාසයේ නිරතවීමෙන් තොරව නුඹලා කිසිවකු උපවාසයේ නිරත නොවිය යුතුය.
عربي الإنجليزية الأوردية
32. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අඹුව සමග ඇසුරු කිරීම හේතුවෙන් ජුනුබ් තත්ත්වයට පත් ව සිටිය දී එතුමාණන්ට ෆජ්ර් (අලුයම) උදා වන්නට විය. පසු ව එතුමා ස්නානය කර උපවාසයේ නිරත වූහ.
عربي الإنجليزية الأوردية
33. රාත්රිය මෙහි සිට උදා වී දහවල මෙහි සිට බැස යන විට උපවාසය රකින්නා උපවාසයෙන් මිදුණි. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
34. අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම දිනකට හැත්තෑ වාරයකට අධික ලෙස අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිමි. පශ්චාත්තාප වී ඔහු වෙත යොමු වෙමි.
عربي الإنجليزية الأوردية
35. අල්ලාහ්ගේ දූතයාණන්හට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යම් වේදනාවක් හෝ වෙනත් යම් හේතුවක් මත රාත්රී සලාතය අතපසු වූ විට එතුමා දහවල් කාලයේ රකආත් දොළහක් ඉටු කරන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
36. අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයේ යම් කටයුත්තක් භාරගෙන ඔවුන් වෙත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහුට එරෙහිව දුෂ්කරතා ඇති කරනු මැනව. තවද කවරෙකු මාගේ සමූහයේ කටයුත්තක් භාරගෙන ඔවුන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මෘදු ලෙස කටයුතු කරනු මැනව.
عربي الإنجليزية الأوردية
37. අපා ගින්න වෙත තහනම් වූ අය කවුරුන් ද? එසේ නැතහොත් අපා ගින්න තමන්ට තහනම් වන අය කවුරුන් ද? යන්න වග මම නුඹලාට දැනුම් දෙන්න ද? කිට්ටුවෙන්, මෛත්රියෙන් මෘදු ලෙස හා සැහැල්ලුවෙන් කටයුතු කරන සෑම කෙනෙකුටම තහනම් වන්නේය. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
38. නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නුඹලාගේ පරමාධිපතිව නුඹලා හමුවන තෙක් මොහුගෙන් පසු මොහුට වඩා දරුණු කාලයක් මිස වෙනකක් පැමිණෙන්නේ නැත.
عربي الإنجليزية الأوردية
39. අල්ලාහ් මැවීම් මැවූ කල්හි, සැබැවින්ම මාගේ කරුණාව මාගේ කෝපය අබිබවා යනු ඇත යැයි අර්ෂ් හෙවත් දේව රාජධානියට ඉහලින් ඔහු අබියස ඇති ලේඛනයක ලිවීය.
عربي الإنجليزية الأوردية
40. මට හා නුඹලාට උපමාව වනුයේ ගිනි අවුලන මිනිසෙකු මෙනි. පළගැටියන් හා මේරුන් එහි වැටෙන්නට බලයි. ඔහු ද උන් එයින් වළක්වන්නට බලයි. මම නිරයෙන් දුරස් කොට නුඹලාගේ බද පටිවලින් අල්ලාගෙන සිටිමි. නුඹලා ද මගේ අතින් පළා යමින් සිටින්නෙහු ය. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
41. රාත්රිය ආරම්භයේ එහි මධ්යයේ මෙන්ම එහි අවසානයේ යන රාත්රියේ සෑම කොටසකම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විත්ර් ඉටු කර ඇත. එතුමාගේ විත්ර් සලාතය සහර් වේලාවේ අවසන් විය.
عربي الإنجليزية الأوردية
42. කවරෙකු නායකයකුට පක්ෂපාතීව දිවුරුම් දී අතට අත දී තම හදවතේ සාරය ද (අවංකභාවය) ඔහුට පිරිනැමුවේද ඔහු තමන්ට හැකි පමණින් ඔහුට අවනත විය යුතුය. වෙනත් කිසිවකු හෝ ඔහු සමග ගැටුම් ඇති කිරීමට පැමිණියේ නම් එම පිටස්තරයාගේ හිස නුඹලා ගසා දමනු.
عربي الإنجليزية الأوردية
43. “මිනිසා තම දෙමාපියන්ට බැණවැදීම මහා පාපයන් අතරින් එකකි.” එසේ මිනිසා තම දෙමාපියන්ට බැණ වදිනු ඇත්දැ?යි විමසන ලදී. එතුමා “එසේය. ඔහු තවත් මිනිසකුගේ පියාට බැණ වදී. ඔහු මොහුගේ පියාට බැණ වදිනු ඇත. ඔහු ඔහුගේ මවට බැණ වදී. ඔහු ද මොහුගේ මවට බැණ වදිනු ඇත. යැයි පැවසූහ.
عربي الإنجليزية الأوردية
44. කවරෙකු ජනාසා සලාත් ඉටු කරන තෙක්ම එයට සහභාගී වූයේ ද ඔහුට ‘කීරාත්’ (නම් කුසල් ප්රමාණයක්) හිමිය. කවරෙකු වල දමන තෙක් ඒ සඳහා සහභාගී වූයේ ද ඔහුට කීරාත් දෙකක් හිමිය. ‘කීරාත් දෙකක් යනු කුමක් දැ?යි විමසනු ලැබූ විට, ‘විශාල කඳු දෙකක් මෙන්’ යැයි එතුමා පැවසූහ.
عربي الإنجليزية الأوردية
45. අල්ලාහ් වෙත වඩාත් ප්රියමනාප ප්රකාශ කුමක්දැයි මම ඔබට දන්වා සිටිය යුතු නොවේ ද? සැබැවින්ම අල්ලාහ් වෙත වඩාත් ප්රියමනාප ප්රකාශ වනුයේ ‘සුබ්හානල්ලාහි වබිහම්දිහි’ යන ප්රකාශයයි.
عربي الإنجليزية الأوردية
46. නුඹලා අතරින් කිසිවකු හෝ යම් සේවයක් සඳහා අප පත් කොට, පසුව ඉදි කටුවක් හෝ ඊට වඩා වැඩි යමක් හෝ අපගෙන් ඔහු වසන් කළේ නම් ඔහු මහා වංචාකාරයෙක් වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සමගම ඔහු පැමිණෙනු ඇත.
عربي الإنجليزية الأوردية
47. කවරෙකු (අල්ලාහ්ට) බිය වූයේ ද ඔහු ඉක්මන් වේ. කවරෙකු ඉක්මන් වූයේ ද ඔහු නිවසට ළඟා වේ. දැනගනු! සැබැවින්ම අල්ලාහ්ගේ වෙළඳ භාණ්ඩය ඉහළ වටිනාකමින් යුක්ත වේ. දැනගනු! සැබැවින්ම අල්ලාහ්ගේ වෙළඳ භාණ්ඩය ස්වර්ගය වේ?
عربي الإنجليزية الأوردية
48. මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා පාපකම් නොකළේ නම්, අල්ලාහ් නුඹලාව පහකොට පාපකම් කරන වෙනත් පිරිසක් ගෙනැවිත් ඔවුන් උත්තරීතර අල්ලාහ්ගෙන් සමාව අයැදින්නට සලස්වා පසුව ඔහු ඔවුනට සමාව දෙයි.
عربي الإنجليزية الأوردية
49. නුඹලා එසේ ප්රතික්ෂේප කරන්නෙහු නම් මාර්ගයට එහි අයිතිය පිරිනමනු.” යැයි පැවසූහ. ඔවුහු: එහි අයිතිය කුමක්දැයි විමසුවෝය. එතුමා: බැල්ම පහත හෙළීම, හානිය වළක්වා ගැනීම, සලාමයට පිළිතුරු දීම, යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම වේ” යැයි පිළිතුරු දුන්හ.
عربي الإنجليزية الأوردية
50. ජනයා හිනස්සවීම සඳහා බොරු කතා කරන්නන්හට විනාශයක්ම වේවා! ඔහු ද විනාශයට පත්වේවා පසුව ද ඔහුට විනාශය අත්වේවා! - 2 ملاحظة
عربي الإنجليزية الأوردية
51. කවරෙකු හෝ තමන්ට තහවුරු කරන්නට යමක් තිබියදී පවා වාද කිරීම අතහැර දමන්නේ ද ඔහුට ස්වර්ගයේ කෙළවරක නිවසක් ලබා දීම සඳහා මම භාරකරුවකු වෙමි. - 2 ملاحظة
عربي الإنجليزية الأوردية
52. “ඉමාම් ආමීන් යැයි පැවසූ විට නුඹලා ද ආමීන් පවසනු. හේතුව කවරෙකුගේ ආමීන් පැවසීම මලක්වරුන්ගේ ආමීන් පැවසීමට සැසදෙන්නේ ද ඔහු පෙර කළ පාපයන් සඳහා ඔහුට සමාව දෙනු ලබන්නේය."
عربي الإنجليزية الأوردية
53. පිවිතුරු ඉපැයීමකින් ඉඳි ගෙඩියක තරම් වටිනාකමක් ඇති යමක් පරිත්යාග කළේ නම්, -අල්ලාහ් පිවිතුරු දෑ මිස පිළිගන්නේ නැත.- එවිට සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දකුණතින් එය පිළි ගනියි. පසුව එහි හිමියාට එය වර්ධනය කර දෙයි. එය ඔබ අතරින් යමෙකු අශ්ව පැටවකු කන්දක් මෙන් තරමට වැඩෙන තෙක් හදාවඩා ගන්නාක් මෙනි.
عربي الإنجليزية الأوردية
54. කෙනෙකු වෙනුවෙන් මැදිහත් වීමේ හදීසය.
عربي الإنجليزية الأوردية
55. නුඹලා අතරින් කිසිවකු හෝ ජනයාට සලාතය මෙහෙය වන විට, ඔහු සැහැල්ලු කරත්වා. ඊට හේතුව ඔවුන් අතර දුර්වලයින් රෝගීන් අවශ්යතා ඇත්තන් සිටින බැවිණි. නුඹලා අතරින් කවරෙකු හෝ තනිව සලාතය ඉටු කළ විට ඔහු අභිමත කරන පරිදි දීර්ග කරත්වා!
عربي الإنجليزية الأوردية
56. අල්හම්දු ලිල්ලා හිල්ලදී අත්අමනා වසකානා වකෆානා වආවානා, ෆකම් මිම්මන් ලා කාෆිය ලහූ වලා මුඃවියි. අපට ආහාර පාන ලබා දී, අප සෑහීමට පත් කොට, අපට නවාතැනක් ලබා දුන් අල්ලාහ්ටම සියලු ප්රශංසා. සෑහීමට තරම් ප්රමාණයක් නැති, නවාතැන් ගන්නට තැනක් නැති කොපමණ දෙනෙක් සිටත් ද?
عربي الإنجليزية الأوردية
57. කිසිදු සැකයකින් තොරව පිළිගනු ලබන ප්රාර්ථනා තුනක් ඇත. අපරාධයට ලක් වූ අයගේ ප්රාර්ථනාව.
عربي الإنجليزية الأوردية
58. අල්ලාහ් අබියස නමින් ඉතා පහත්ම තැනැත්තා ‘රජවරුන්ගේ රජු’ යැයි නම් තබා ගන්නා මිනිසා ය. අල්ලාහ් හැර වෙනත් රජෙකු නොමැත.
عربي الإنجليزية الأوردية
59. බොරු චෝදනා නැගීම යනු කුමක් දැ?යි මා නුඹලාට දන්වා සිටිය යුතු නොවේ ද! එනම් ජනයා අතර වාචාල ලෙස කේළාම් කීමය.
عربي الإنجليزية الأوردية
60. රන් දීනාරයට වහල් වූ තැනැත්තා විනාශ විය. රිදී දිර්හමයට වහල් වූ තැනැත්තා විනාශ විය. ලොම් සහිත තුනී රෙදිවලට වහල් වූ තැනැත්තා විනාශ විය. ඔහුට දෙනු ලැබුවේ නම් තෘප්තියට පත් වෙයි. දෙනු නොලැබුවේ නම් උරණ වෙයි. ඔහු විනාශ විය. පාඩු වින්දේය. තවද කටුවක් ඇනුනු විට ඉය ඉවත් කරන්නට කිසිවෙකු ඔහු නොලබනු ඇත.
عربي الإنجليزية الأوردية
61. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රාර්ථනා කරන්නෙකු වූහ. “අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් බරසි වල් ජුනූනි වල් ජුසාමි වසය්යිඉල් අස්කාමි.” (අහෝ දෙවියනි, කුෂ්ට රෝග, මානසික රෝග, ළාඳුරු රෝග හා අනෙකුත් දරුණු රෝගවලින් ආරක්ෂාව මම ඔබෙන් පතමි.)
عربي الإنجليزية الأوردية
62. අපගේ උපවාසය හා ආගම් ලත් සෙසු ජනයාගේ උපවාසය අතර වෙනස ‘සහර්’ (නම් අළුයම්) කාලයේ ආහාර ගැනීමය.
عربي الإنجليزية الأوردية
63. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මට ප්රාර්ථනාවක් කියා දෙන්නැයි මම පැවසුවෙමි. එතුමා: අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් ෂර්රි සම්ඊ, වමින් ෂර්රි බසරී, වමින් ෂර්රි ලිසානී, වමින් ෂර්රි කල්බී, වමින් ෂර් මනිය්යී’ යනුවෙන් පවසනු. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
64. කවරෙකුගේ හදවත තුළ අණුවක තරම් අහංකාරය ඇත්තේ ද ඔහු ස්වර්ගයට නොපිවිසෙනු ඇත.
عربي الإنجليزية الأوردية
65. එළැඹෙන වසර තෙක් මා සිටියේ නම් සැබැවින්ම මම නව වැනි දින ද උපවාසය රකිමි. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
66. යම් දැනුමක් සම්බන්ධයෙන් යමෙක් විමසනු ලැබ, ඔහු එය වසන් කළේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නෙන් වූ නාස් පටියකින් ඔහුට නාස් පටි පළන්ඳවනු ලැබේ.
عربي الإنجليزية الأوردية
67. කවරෙකු උපවාසය රකින්නෙකුහට උපවාසය මිදෙන්නට සළස්වන්නේ ද ඔහුට හිමි ප්රතිඵලය මෙන් සමාන ප්රතිඵලයක් මොහුට ද හිමි වන්නේය.
عربي الإنجليزية الأوردية
68. මුස්ලිම් පුද්ගලයකු හට පාපකාරී කටයුත්තක් අණ කරනු ලැබුවහොත් මිස තමන් ප්රිය කරන මෙන්ම පිළිකුල් කරන දෑහි සවන් දීමත් අවනත වීමත් අනිවාර්යය වන්නේය. පාපකාරී කටයුත්තක් අණ කරනු ලැබූ විටෙක සවන් දීමට හෝ අවනත වීමට හෝ අවශ්ය වන්නේ නැත.
عربي الإنجليزية الأوردية
69. මදීනාව ‘ඊර්’ හා ‘සව්ර්’ දක්වා අතර වන කොටස ශූද්ධ භූමියයි. කවරෙකු එහි කිලිටක් කළේ ද එසේ නැතහොත් කිලිටක් වෙත පැමිණියේ ද ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද සියලු මිනිසුන්ගේ ද ශාපය අත් වේවා. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිදු හැරීමක් හෝ වන්දියක් හෝ අල්ලාහ් පිළිගන්නේ නැත. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
70. නිරය මධ්යයේ සිරාත් පාලම තබනු ලැබේ. ඒ මත ‘සඃදාන්’ ශාඛ වර්ගයේ කටු මෙන් ඝණ කටුවක් තිබේ. පසුව මිනිසුන් අයැද සිටිති. එහි ආරක්ෂා කරනු ලැබ දිවි ගලවා ගන්නා අය වෙයි. තවද එමගින් සීරීමට ලක්ව පසුව දිවි ගලවා ගන්නා අය ද වේ. එමගින් රඳවා තබනු ලැබ, එහි හිස උඩු යටිකුරු අතට පෙරළනු ලබන අය ද වේ.
عربي الإنجليزية الأوردية
71. නුඹලා සඃද්ගේ එම වැළැක්වීම ගැන පුදුමයට පත් වන්නෙහු ද? අල්ලාහ් මත දිවුරා පවසමි. මම ඔහුට වඩා එය වළක්වන්නෙක්මි. මටත් වඩා අල්ලාහ් එය දැඩිසේ වළක්වන්නාය. අල්ලාහ්ගේ එම වැළැක්වීම හේතුවෙන් අශීලාචාර දැයින් ඉන් මතුවන දෑ ද, එහි අභ්යන්තරයේ ඇති දෑ ද තහනම් කරනු ලැබීය. අල්ලාගේ වැළැක්වීමට වඩා වෙනත් කිසිදු උසස් දෙයක් නැත.
عربي الإنجليزية الأوردية
72. පෙරදිග හෝ අපරදිග ක්ෂිතිජයෙහි දිව යමින් බැබලෙන තාරකාවන් දෙස බලන්නාක් සේ නියත වශයෙන්ම ස්වර්ග වැසියන් ඔවුනට ඉහළින් ඇති කුටිවල වාසය කරන්නන් දෙස බලමින් සිටිති. එය ඔවුන් අතර පවතින තරාතිරම් හේතුවෙනි.
عربي الإنجليزية الأوردية
73. ස්වර්ගයේ දුන්නක ප්රමාණය කිසිවකු කෙරෙහි හිරු උදාවීමට හෝ එය බැස යාමට හෝ වඩාත් උතුම්ය.
عربي الإنجليزية الأوردية
74. කවරෙකු රන් හා රිදී භාජනයක පානය කළේ ද සැබැවින්ම ඔහුගේ කුසෙහි හඬ නැගෙනුයේ අපායේ ගින්නය.
عربي الإنجليزية الأوردية
75. මාගේ සමූහයාට ඉතා දුෂ්කර කාර්යයක් නොවේ නම් වුළු ධෝවනය කරන සෑම අවස්ථාවකම මිස්වාක් (දැහැටි කූරු) භාවිතයෙන් කට පිරිසිදු කරන්නැයි මම ඔවුනට නියෝග කර සිටිමි.
عربي الإنجليزية الأوردية
76. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාගේ බිරියකට සිප, වුළු නොගෙනම සලාතය සඳහා පිටත්ව ගියහ.
عربي الإنجليزية الأوردية
77. නුඹලා අතරින් කිසිවකු හෝ වේවා, අපා ගින්නෙන් වූ අසුනක් හෝ ස්වර්ගයෙන් වූ අසුනක් හෝ ඔහුට නියම කෙරී තිබෙනු මිස නැත.
عربي الإنجليزية الأوردية
78. කාමයේ වරදවා හැසිරීමෙන් තමන්ට හිමි කොටස ආදම්ගේ පුතණුවන්ට නියම කරන ලදී. කිසිදු සැකයකින් තොරව ඔහු එය හිමි කර ගනී. දෑස් වනාහි ඒ දෙක කාමයේ වරදවා හැසිරීම යනු බැල්ම හෙළීමය. දෙකන් වනාහි ඒ දෙක කාමයේ වරදවා හැසිරීම යනු ඇසීමය. දිව එය කාමයේ වරදවා හැසිරීම යනු කතා කිරීමය. අත, එය කාමයේ වරදවා හැසිරීම යනු ඇල්ලීමය. පාදය, එය කාමයේ වරදවා හැසිරීම යනු පියවර තැබීමය. සිත ආශා කරයි. ප්රිය කරයි. ලිංගික අවයව එය තහවුරු කරයි. එසේ නොවේ නම් එය බොරු කරයි. - 2 ملاحظة
عربي الإنجليزية الأوردية
79. අහෝ ජනයිනි! ඔබ පැලවර්ග දෙකක් අනුභව කරන්නෙහුය. ඒ දෙක පිළිකුල් සහගත ලෙස මිස මම නොදකිමි. එනම්, ලූනු හා සුදු ලූනු.
عربي الإنجليزية الأوردية
80. اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به අහෝ අල්ලාහ් සැබැවින්ම මම එහි යහපතද ඒ තුළ ඇති යහපතද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි යහපතද මම ඔබෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම එහි හානියෙන්ද ඒ තුළ ඇති හානියෙන්ද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි හානියෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. - 1 ملاحظة
عربي الإنجليزية الأوردية
81. සුළඟ අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් වූවකි. එය ආශිර්වාදය ගෙන එයි. එමෙන්ම දඬුවමද ගෙන එයි. එහෙයින් ඔබ එය දුටුවෙහු නම්, එයට නොබනිනු. එහි යහපත අල්ලාහ්ගෙන් ඉල්ලනු. එහි නපුරින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු.
عربي الإنجليزية الأوردية
82. ඔබ අතරින් කිසිවකු හෝ තම පවුල වෙත පැමිණ, පසුව ඇය වෙත නැවතත් යොමු වීමට අපේක්ෂා කළ විට ඒ දෙක අතර වුළූ ධෝවනය ඉටු කරත්වා.
عربي الإنجليزية الأوردية
83. අල් කුර්ආනයේ අති වැදගත් සූරාවක් මම ඔබට කියා දිය යුතු නොවේද?
عربي الإنجليزية الأوردية