عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ فِي سَفَرٍ فَصَلَّى الْعِشَاءَ الْآخِرَةَ فَقَرَأَ فِي إِحْدَى الرَّكْعَتَيْنِ بِـ التِّينِ وَالزَّيْتُونِ. وَفِي لَفْظٍ: فَمَا سَمِعْتُ أَحَدًا أَحْسَنَ صَوْتًا أَوْ قِرَاءَةً مِنْهُ.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 7546]
المزيــد ...
අල්-බරාඃ ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එබැවින් ඉෂා සලාතය ප්රමාද වී ඉටු කළහ. රකආත් දෙකින් එකක ‘වත්තීනි වස්සෙයිතූන්’ යන සූරාව පාරායනය කළහ. ඔහුට වඩා සද්ගායනාවෙන් හා කට හඬින් අලංකාර කිසිවකුට මා සවන් දී නැත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
ඉෂා සලාතයේ ආරම්භක රකආත් හි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සූරා වත්තීන් වස්සෙයිතූන් පාරායනය කළහ. එය එතුමා ගමනක නිරතව සිටි බැවිනි. එම ගමන දුෂ්කර අසීරු ගමනක් වූ බැවින් එහිදී සලාතය පහසුවෙන් හා සැහැල්ලුවෙන් ඉටු කිරීමට සිතූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මගියෙකු ලෙස සිටියද අල් කුර්ආනයට සවන් දෙන අවස්ථාවේ හදවත පිළිගන්නා හා බැතිමත් කම ඇති කරන අයුරින් සද්ගායනය කිරීම අත්හැරියේ නැත. එතුමා සලාතයේ අල් කුර්ආනය කියවීමේදී අලංකාර හඬකින් පාරායනය කළහ.