أَعْتَمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالعِشَاءِ، فَخَرَجَ عُمَرُ فَقَالَ: الصَّلاَةَ يَا رَسُولَ اللَّهِ، رَقَدَ النِّسَاءُ وَالصِّبْيَانُ، فَخَرَجَ وَرَأْسُهُ يَقْطُرُ يَقُولُ: «لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِي -أَوْ عَلَى النَّاسِ- لَأَمَرْتُهُمْ بِالصَّلاَةِ هَذِهِ السَّاعَةَ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 7239]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඉෂා සලාතය ඝණාන්ධකාරයේ (ප්රමාද කොට) ඉටු කළහ. එවිට උමර් තුමා පිටතට පැමිණ ‘අහෝ! අල්ලාහ්ගේ දූතයාණනි, සලාතය! කාන්තාවන් හා දරුවන් නින්දට ගොස් ඇත.’ යැයි පැවසීය. පසුව තම හිසෙන් ජල බිංදු වැටෙන තත්ත්වයේ එතුමා පිටතට පැමිණ මෙසේ පැවසීය. “මාගේ සමූහයාට අසීරු කාර්යයක් නොවී නම් මෙම සලාතය මෙම වේලාවේ ඉටු කරන්නට මම ඔවුනට නියෝග කරමි.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
ඉෂා සලාතය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්රියෙන් වැඩි වේලාවක් ගෙවී යන තෙක් ප්රමාද කළේය. වැඩි වේලාවක් බලාපොරොත්තුවෙන් සිටිය නොහැකි; ඒ සඳහා ශක්තිය නොමැති කාන්තාවන් හා දරුවන් නින්දට වැටී සිටියෝය. එවිට උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා එතුමා වෙත පැමිණ ‘සලාතය! කාන්තාවන් හා දරුවන් නින්දට වැටී ඇත.’ යැයි පැවසීය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම නිවසින් මස්ජිදය වෙත පිටත්ව පැමිණියේය. ඒ මෙහොතේ එතුමාගේ හිසින් ස්නානය කළ වතුර බිංදු වැටෙමින් තිබිණ. පසුව එතුමා සලාතය බලාපොරොත්තුවෙන් සිටින්නන්නන්හට දුෂ්කර නොවී නම් ඉෂා සලාතය ප්රමාද කිරීම ඉතා උතුම් බව පැහැදිලි කරමින් මෙසේ පැවසූහ. “මාගේ සමූහයාට දුෂ්කර කාර්යයක් නොවී නම් මෙම සලාතය ප්රමාද කරන ලද මෙම වේලාවෙහි ඉටු කිරීමට මම ඔවුනට නියෝග කරමි.”
المشقَّة تسبب اليسر والسهولة في هذه الشريعة السمحة.ما فهمت كيف المشقة تسبب اليسر