ප්‍රවර්ගය: . . .
+ -
عَنْ أُمِّ سَلَمَةَ رضي الله عنها قَالَتْ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«مَنْ شَرِبَ فِي إِنَاءٍ مِنْ ذَهَبٍ، أَوْ فِضَّةٍ، فَإِنَّمَا يُجَرْجِرُ فِي بَطْنِهِ نَارًا مِنْ جَهَنَّمَ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2065]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “කවරෙකු පානය කළේද” වෙනත් වාර්තාවක “ආහාර අනුභව කරන්නා හෝ පානය කරන්නා” යනුවෙන් වාර්තා වී ඇත. “රන් හා රිදී භාජනයක පානය කළේ ද සැබැවින්ම ඔහුගේ කුසෙහි හඬ නැගෙනුයේ අපායෙන් වූ ගින්නෙනි.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

රන් හා රිදියෙන් නිර්මාණය කරන ලද හෝ එමගින් ආලේප කරන ලද හෝ එමගින් අලංකාර කරන ලද භාජන පරිහරනය කරන්නන් හට දැඩි අවවාදයක් මෙම හදීසයේ සඳහන්ව ඇත. කවරෙකු මෙම වැරැද්ද සිදු කරන්නේ ද අපා ගින්නේ වධහිංසාවට වැටෙන විට ඇතිවන පිළිකුල් සහගත භයානක හඬ කුස තුළ ඇසෙනු ඇත. හේතුව සැබැවින්ම එය දේව ප්රතික්ෂේපකයින්ට හා ආඩම්භර ජනයාට සමාන වීමත් දුගී දුප්පතුන්ගේ සිත් බිඳ දැමීමත් එහි වන බැවිණි. එනිසා ඉස්ලාමය මුස්ලිම්වරුන් පිරිහීමෙන් හා සුඛෝපභෝගීත්වයෙන් ආරක්ෂා කරයි. ඒ දෙවර්ගය භාවිතය තහනම් කිරීමේ නීතිය අතරට මෑතක් වන තුරුම රන් හා රිදී කාසි වශයෙන් තිබීම ද ඇතුළත් වෙයි. ඒ දෙක ගෙන භාජන වශයෙන් හෝ පුරාන වස්තු වශයෙන් හෝ එවන් වෙනත් කටයුතු සඳහා භාවිත කිරීමද ඇතුළත් වේ. එය වානිජ කටයුතු අඩාල කරන්නකි. කිසිදු යහපතක් නොලබාම අවශ්යතාවන්හි අගය විනාශ කර දමයි. හදීසයේ සඳහන් අනුභව කිරීමේදී හා පානය කිරීමේදී භාවිතය කිරීම සම්බන්ධයෙන් වූ මෙම තහනම කවර ප්රයෝජනයක් සඳහා ඒ දෙක භාවිතා කළ ද එය පොදු වනු ඇත. නමුත් කාන්තාවකගේ ආභරණ මෙන් ඉස්ලාමීය පිළිවෙත අවසර දුන් කටයුත්තක මිස. එහිදී භාවිත කළ හැකි වේ.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .