«مَنِ اسْتَعْمَلْنَاهُ مِنْكُمْ عَلَى عَمَلٍ، فَكَتَمَنَا مِخْيَطًا فَمَا فَوْقَهُ، كَانَ غُلُولًا يَأْتِي بِهِ يَوْمَ الْقِيَامَةِ»، قَالَ: فَقَامَ إِلَيْهِ رَجُلٌ أَسْوَدُ مِنَ الْأَنْصَارِ كَأَنِّي أَنْظُرُ إِلَيْهِ، فَقَالَ: يَا رَسُولَ اللهِ، اقْبَلْ عَنِّي عَمَلَكَ، قَالَ: «وَمَا لَكَ؟» قَالَ: سَمِعْتُكَ تَقُولُ: كَذَا وَكَذَا، قَالَ: «وَأَنَا أَقُولُهُ الْآنَ، مَنِ اسْتَعْمَلْنَاهُ مِنْكُمْ عَلَى عَمَلٍ فَلْيَجِئْ بِقَلِيلِهِ وَكَثِيرِهِ، فَمَا أُوتِيَ مِنْهُ أَخَذَ، وَمَا نُهِيَ عَنْهُ انْتَهَى».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1833]
المزيــد ...
අදී ඉබ්නු උමෙයිරා අල් කින්දී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අතරින් කිසිවකු යම් සේවයක් සඳහා අප නියම කොට, පසුව ඉදි කටුවක් හෝ ඊට වඩා වැඩි යමක් හෝ අපගෙන් ඔහු වසන් කළේ නම් ඔහු මහා වංචාකාරයෙක් වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සමග ඔහු පැමිණෙනු ඇත.” එවිට අන්සාරිවරු අතරින් කළු මිනිසෙකු එතුමා වෙත නැගී සිටියේය. ඔහු දෙස මම බලන්නාක් මෙන් දසුන් නැගෙයි. එවිට ඔහු ‘අල්ලාහ්ගේ දූතයාණනි. ඔබේ සේවය මගෙන් ඉවත් කරන්න’ යැයි පැවසීය. එතුමා ඔබට කුමක් වී ද? ඔබ මේ මේ අයුරින් පවසා ඇති බව මාගේ සවනට වැකිණි. එතුමා මෙසේ පැවසීය. ‘මම දැනුදු එයම ප්රකාශ කරමි. යම් ක්රියාවක් සඳහා යම් කෙනෙකු සේවයට අප කළේ නම් එය ස්වල්ප වුවද අධික වුවද එය ඔහු පිළිපැදිය යුතු වේ. ඔහුට දෙනු ලබන දෑ ගත යුතුය. ඔහුගෙන් තහනම් වන දැයින් ඔහු වැළකී සිටිය යුතුය.” යැයි පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
අදී ඉබ්නු උමෙයිරා අල් කින්දී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අතරින් කිසිවකු යම් සේවයක් සඳහා අප නියම කොට, පසුව ඉදි කටුවක් හෝ ඊට වඩා වැඩි යමක් හෝ අපගෙන් ඔහු වසන් කළේ නම් ඔහු මහා වංචාකාරයෙක් වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සමග ඔහු පැමිණෙනු ඇත.” එවිට අන්සාරිවරු අතරින් කළු මිනිසෙකු එතුමා වෙත නැගී සිටියේය. ඔහු දෙස මම බලන්නාක් මෙන් දසුන් නැගෙයි. එවිට ඔහු ‘අල්ලාහ්ගේ දූතයාණනි. ඔබේ සේවය මගෙන් ඉවත් කරන්න’ යැයි පැවසීය. එතුමා ඔබට කුමක් වී ද? ඔබ මේ මේ අයුරින් පවසා ඇති බව මාගේ සවනට වැකිණි. එතුමා මෙසේ පැවසීය. ‘මම දැනුදු එයම ප්රකාශ කරමි. යම් ක්රියාවක් සඳහා යම් කෙනෙකු සේවයට අප කළේ නම් එය ස්වල්ප වශයෙන් හෝ වේවා අධික වශයෙන් හෝ වේවා එය ඔහු පිළිපැදිය යුතු වේ. ඔහුට දෙනු ලබන දෑ පිළිපැදිය යුතුය. ඔහුගෙන් තහනම් කළ දැයින් ඔහු වැළකී සිටිය යුතුය.” යැයි පැවසූහ.