عَنْ عَائِشَةَ، رضي الله عنها، زَوْجِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، أَنَّهَا قَالَتْ:

كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا عَصَفَتِ الرِّيحُ، قَالَ: «اللهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَهَا، وَخَيْرَ مَا فِيهَا، وَخَيْرَ مَا أُرْسِلَتْ بِهِ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا، وَشَرِّ مَا فِيهَا، وَشَرِّ مَا أُرْسِلَتْ بِهِ»، قَالَتْ: وَإِذَا تَخَيَّلَتِ السَّمَاءُ، تَغَيَّرَ لَوْنُهُ، وَخَرَجَ وَدَخَلَ، وَأَقْبَلَ وَأَدْبَرَ، فَإِذَا مَطَرَتْ، سُرِّيَ عَنْهُ، فَعَرَفْتُ ذَلِكَ فِي وَجْهِهِ، قَالَتْ عَائِشَةُ: فَسَأَلْتُهُ، فَقَالَ: «لَعَلَّهُ، يَا عَائِشَةُ كَمَا قَالَ قَوْمُ عَادٍ: {فَلَمَّا رَأَوْهُ عَارِضًا مُسْتَقْبِلَ أَوْدِيَتِهِمْ قَالُوا هَذَا عَارِضٌ مُمْطِرُنَا} [الأحقاف: 24]».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

සුළඟ තදින් හමන විට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා (පහත සඳහන් අයුරින්) ප්රාර්ථනා කරන්නෙකු වූහැයි ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به අල්ලාහුම්ම ඉන්නී අස්අලුක කය්රහා වකය්ර මා ෆීහා වකය්ර මා උර්සිලත් බිහි, වඅඌදු බික මින් ෂර්රිහා වෂර්රි මා ෆීහා වෂර්රි මා උර්සිලත් බිහි. තේරුම: අහෝ අල්ලාහ් සැබැවින්ම මම එහි යහපතද ඒ තුළ ඇති යහපතද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි යහපතද මම ඔබෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම එහි හානියෙන්ද ඒ තුළ ඇති හානියෙන්ද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි හානියෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.

الملاحظة
هذا الحديث رواه البخاري ٣٢٠٦
النص المقترح عن عائشة رضي الله عنها، قالت : كان النبي صلى الله عليه وسلم إذا رأى مخيلة في السماء أقبل وأدبر ودخل وخرج، وتغير وجهه، فإذا أمطرت السماء سري عنه ، فعرفته عائشة ذلك، فقال النبي صلى الله عليه وسلم : " ما أدري لعله كما قال قوم : { فلما رأوه عارضا مستقبل أوديتهم } ". الآية.

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

තදින් සුළං හමන අවස්ථාවේ اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به යන ප්රාර්ථනාව පවසා සිටීම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ මඟපෙන්වීම් අතුරින් එකක් වූ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරයි. අල්ලාහ් මැව්වා වූ එමෙන්ම හරව හරවා එවන්නා වූ සුළඟ කොටස් දෙකකි. පළමුව: බිය වීමට අවශ්ය නොවන සාමාන්ය සුළඟ එයට නියමිත මෙනෙහි කිරීමක් නැත. දෙවැන්න: භයානක සුළී සුළඟ. හේතුව ආද් සමූහයා දඬුවම් කරනු ලැබුවේ මහත් සුළී සුළගිනි.-අල්ලාහ් ආරක්ෂා කරත්වා! එබැවින් තදින් සුළං හමන විට නබි තුමාණන් පෙන්වා දුන් මාර්ගය අනුව පහත සඳහන් අනුවාදය පවසන්න. اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به එනම් එම සුළඟේ යහපත හා එය උසුළා ගෙන එන යහපත අල්ලාහ්ගෙන් පතන්න. කවර කරුණක් සඳහා එවනු ලැබුවේද එහි යහපත යනු එය උසුලාගෙන එන යහපතයි. හේතුව විටෙක එය යහපත ද තවත් විටෙක විනාශය ද ගෙන දෙයි. එහෙයින් එවනු ලැබූ සුළඟ ඇති කරන යහපත අල්ලාහ්ගෙන් ඔබ ඉල්ලා සිටින්න. وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به යනු එහි හානියෙන්ද ඒ තුළ ඇති හානියෙන්ද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි හානියෙන්ද ඔබ ආරක්ෂාව පැතීමය. හේතුව ඇතැම් විට එය පිරිසකට දඬුවමක් ගෙන එන්නට පුළුවන එබැවින් එහි හානියෙන් ආරක්ෂාව පැතිය යුතුය. මිනිසෙකු සුළඟේ හානියෙන්ද එහි තුළ ඇති දෑහි හානියෙන් ද එය කවර කරුණක් සඳහා එවනු ලැබුවේ ද එහි හානියෙන් ද ආරක්ෂාව පැතූ විට එහි හානියෙන් අල්ලාහ් ඔහු වළක්වාලීමටත් එයින් ප්රයෝජනය ලබන්නටත් ප්රමාණවත් වේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර