සංස්කරණය: . .
عَن أَبي هُرَيْرَةَ رضي الله عنه قال: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:

«وَاللَّهِ إِنِّي لَأَسْتَغْفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ فِي اليَوْمِ أَكْثَرَ مِنْ سَبْعِينَ مَرَّةً».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 6307]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසමින් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම දිනකට හැත්තෑ වාරයකට අධික ලෙස අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිමි. පශ්චාත්තාප වී ඔහු වෙත යොමු වෙමි.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමා පෙර කළ හා පසු කළ පව් සඳහා අල්ලාහ් විසින් සමාව දෙනු ලැබූ උත්තුමයකි. එසේ තිබියදීත් එතුමා දිනකට හැත්තෑවාරයක් පාපක්ෂමාවෙහි නිරත වන බව අල්ලාහ් මත දිවුරා පවසා සිටියි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාපක්ෂමාව අයැදීම යනු එතුමා සිදු කරන වැරදි වලට අවශ්ය නොවන්නකි. නමුත් ඔහුගේ ගැතිමත්භාවයේ පූර්ණත්වය, අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔහු සමග ඇති කරගන්නා බැඳීම, අල්ලාහ්ගේ උරුමයේ මහඟුබව වටහා ගැනීම සඳහා විය. ගැත්තාගේ අඩුපාඩු සමගම මෙය ඔහුගේ ආශිර්වාද සඳහා කෘතඥතාව පුද කිරීමේ ක්රියාවකි. මෙය එතුමාගෙන් පසුව අනෙකුත් තීන්දු සඳහා ආවේනික වූ සමාජයට ආගමානුගත කළ කරුණක් ද වන්නේය.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: الإنجليزية الأوردية الإسبانية අමතර (13)
සංස්කරණ
  • .
අමතර