«أَنَا زَعِيمٌ بِبَيْتٍ فِي رَبَضِ الْجَنَّةِ لِمَنْ تَرَكَ الْمِرَاءَ وَإِنْ كَانَ مُحِقًّا، وَبِبَيْتٍ فِي وَسَطِ الْجَنَّةِ لِمَنْ تَرَكَ الْكَذِبَ وَإِنْ كَانَ مَازِحًا، وَبِبَيْتٍ فِي أَعْلَى الْجَنَّةِ لِمَنْ حَسَّنَ خُلُقَهُ».
[حسن] - [رواه أبو داود] - [سنن أبي داود: 4800]
المزيــد ...
අබූ උමාමා අල් බාහිලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු හෝ තමන්ට තහවුරු කිරීමට සාක්ෂියක් තිබියදී තර්ක කිරීම අතහැර දමන්නේ ද ඔහුට ස්වර්ගයේ කෙළවරක නිවසක් හිමි කර දීමටත් විහිළුවට වුව ද බොරු පැවසීම අතහරින්නේ ද ඔහු ස්වර්ගය මධ්යයේ නිවසක් හිමි කර දීමටත් තමන්ගේ ගතිගුණ යහපත් කරගත් අයකුට ස්වර්ගයේ ඉහළ කොටසින් නිවසක් හිමි කර දීමටත් මම භාරකරුවකු වෙමි.”
[හසන් ගණයට අයත් හදීසයකි] - [ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත]
කවරෙකු හෝ තමන්ට තහවුරු කිරීමට සාක්ෂි තිබියදී තර්ක කිරීම අතහැර දමන්නේ ද ඔහුට ස්වර්ගය අවට ඉන් පිටත හෝ එහි කෙළවරවල්වල හෝ නිවසක් හිමි කර දීමට මම භාර වෙමි. සැබැවින්ම එය කාලය නාස්ති කරන මෙන්ම ක්රෝධය ඇති කිරීමට හේතුවක් වන්නේය. විහිළුවට වුව ද සිදු වූ දෑට පටහැනිව යම් පුවතක් දන්වා සිටීම බොරු කීම අතහැර දමන්නා හට ස්වර්ගය මධ්යයේ නිවසක් හිමි කර දීමට මම භාර වෙමි. එමෙන්ම තමන්ගේ ගති ගුණ හැඩ ගස්වා එයට ස්වයං පුහුණුව ලබා දීමෙන් හෝ එය යහපත් කර ගන්නේ ද ඔහුට ස්වර්ගයට ඉහළින් නිවසක් හිමි කර දීමේ භාරකාරත්වය දරමි. යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියේය.
حرمة الكذب ولو كان مزاحاً إلا ما استثني، وهو قوله -صلى الله عليه وسلم-: «ليس الكذاب الذي يصلح بين الناس، ويقول خيرًا وينمي خيرًا» قال ابن شهاب: ولم أسمع يرخص في شيء مما يقول الناس كذب إلا في ثلاث: الحرب، والإصلاح بين الناس، وحديث الرجل امرأته وحديث المرأة زوجها. رواه مسلم.نع حيي كورفز