ප්‍රවර්ගය: . . .
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«إِنَّهُ لَيَأْتِي الرَّجُلُ العَظِيمُ السَّمِينُ يَوْمَ القِيَامَةِ لاَ يَزِنُ عِنْدَ اللَّهِ جَنَاحَ بَعُوضَةٍ، وَقَالَ: اقْرَؤُوا، {فَلاَ نُقِيمُ لَهُمْ يَوْمَ القِيَامَةِ وَزْنًا} [الكهف: 105]».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 4729]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බලවත් තරබාරු මිනිසකු පැමිණෙයි. අල්ලාහ් අභියස කෝදුරුවෙකුගේ පියාපතක තරම්වත් ඔහුට වටිනාකමක් නොවනු ඇත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

මෙලොවෙහි අල්ලාහ්ගේ මැවීම්වලට වඩා ඉමහත් සේ පුෂ්ටිමත් ලෙස වැඩුණු, තම ක්රියාවෙන් හා වදනින් පුරසාරම් දොඩන අහංකාර බලවත් මිනිසෙකු වනාහි, සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් අබියස කෝදුරුවෙකුගේ පියාපතකට වඩා වටිනාකමක් ඔහුට නොවන්නේය. ඔහුට කිසිදු වටිනාකමක් හෝ තත්ත්වයක් හෝ නොවනු ඇත.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (17)
ප්‍රවර්ග
  • . .
අමතර