عن أبي هريرة رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال: «إنه لَيَأتي الرَّجلُ السَّمين العظيم يوم القيامة لا يَزِنُ عند الله جَناح بَعُوضة».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බලවත් තරබාරු මිනිසකු පැමිණෙයි. අල්ලාහ් අභියස කෝදුරුවෙකුගේ පියාපතක තරම්වත් ඔහුට වටිනාකමක් නොවනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මෙලොවෙහි අල්ලාහ්ගේ මැවීම්වලට වඩා ඉමහත් සේ පුෂ්ටිමත් ලෙස වැඩුණු, තම ක්රියාවෙන් හා වදනින් පුරසාරම් දොඩන අහංකාර බලවත් මිනිසෙකු වනාහි, සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් අබියස කෝදුරුවෙකුගේ පියාපතකට වඩා වටිනාකමක් ඔහුට නොවන්නේය. ඔහුට කිසිදු වටිනාකමක් හෝ තත්ත්වයක් හෝ නොවනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර