ප්‍රවර්ගය: . . .
+ -
عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ:

تُوُفِّيَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَا فِي بَيْتِي مِنْ شَيْءٍ يَأْكُلُهُ ذُو كَبِدٍ، إِلَّا شَطْرُ شَعِيرٍ فِي رَفٍّ لِي، فَأَكَلْتُ مِنْهُ حَتَّى طَالَ عَلَيَّ، فَكِلْتُهُ فَفَنِيَ.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 3097]
المزيــد ...

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මරණයට පත් වූහ. මා සතු රාක්කයක තිබුණ බාර්ලි කොටසක් හැර කුස ඇත්තන් ආහාරයට ගන්නා යමක් මාගේ නිවසෙහි නොතිබිණ. දිගු කාලයක් ගත වන තුරුම මම එයින් අනුභව කළෙමි. පසුව මම එය කිරුවෙමි. ඒ සමගම එය අවසන් වී ගියේය.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මරණයට පත් වූහ. ඇයගේ නිවසේ බාර්ලි භාගයක් හැර වෙනත් කිසිවක් නොවීය. තිර්මිදි තුමා එය බාර්ලි යම් ප්රමාණයක් යැයි විග්රහ කළේය. නබි තුමාණන් හැර දමා ගිය එම බාර්ලි දිගු කාලයක් එතුමිය ආහාරයට ගත්තාය. පසුව ඇය එය කිරන්නට ගත් කල්හි අවසන් විය. මෙය කිරීමකින් තොරව අල්ලාහ් මත විශ්වාසය තැබූ අඩු ආහාරයක දී පැවති නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමෘද්ධිමත්භාවය අඛණ්ඩව තිබුණු බවට වූ සාධකයකි. ගනු දෙනුවලදී කිරුම් මිණුම් අපේක්ෂා කරනු ලැබේ. එය ගනුදෙනු කරුවන්ගේ අයිතිය බැඳී ඇති හේතුවෙනි. නමුත් වියදම් කිරීමේදී කිරා මැණ බැලීම සතුටුදායක කරුණක් නොවේ.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
අමතර