«يَقُولُ اللَّهُ تَعَالَى: مَا لِعَبْدِي المُؤْمِنِ عِنْدِي جَزَاءٌ، إِذَا قَبَضْتُ صَفِيَّهُ مِنْ أَهْلِ الدُّنْيَا ثُمَّ احْتَسَبَهُ، إِلَّا الجَنَّةُ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 6424]
المزيــد ...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: විශ්වාස කරන මාගේ ගැත්තෙකුහට මෙලෝවාසීන් අතරින් ඔහු ආදරය කරන තැනැත්තෙකු මා අත්පත් කර ගත් විටෙක පසුව ඔහු එය ඉවසා දරා ගත්තේ නම් මා අබියස ස්වර්ගය මිස වෙනත් කිසිවක් නොවනු ඇත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
යමෙකු තමන්ට සමීප හෝ තමන් ආදරය කරන වෙනත් කිසිවකු හෝ අහිමි වීමෙන් පරීක්ෂාවට ලක් කරනු ලැබූ විටෙක, මිනිසා ඉතා බලවත් ලෙස සම්බන්ධකම් පවත්වන්නෙකු යැයි සිතන ඔහු තෝරා ගන්නා තම දරුවා හෝ සහෝදරයා හෝ බාප්පා හෝ පියා හෝ මව හෝ මිතුරකු හෝ එවන් පුද්ගලයින්ගෙන් කෙනෙකු හෝ අත්පත් කර ගනු ලැබූ විටෙක ඔහු ඉවසා දරා ගන්නේ නම් එනම් අල්ලාහ් ඔහුව ග්රහණය කළ විටෙක මිනිසා කුසල් බලාපොරොත්තුවෙන් ඉවසා දරා ගන්නේ නම් ඔහුට ස්වර්ගය මිස වෙනකක් නොමැති බව මෙම දිව්ය හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දන්වා සිටියි.