«إِنَّ أَخْنَعَ اسْمٍ عِنْدَ اللهِ رَجُلٌ تَسَمَّى مَلِكَ الْأَمْلَاكِ، لَا مَالِكَ إِلَّا اللهُ عَزَّ وَجَلَّ»، وفي لفظٍ: «أَغْيَظُ رَجُلٍ عَلَى اللهِ يَوْمَ الْقِيَامَةِ، وَأَخْبَثُهُ وَأَغْيَظُهُ عَلَيْهِ، رَجُلٍ كَانَ يُسَمَّى مَلِكَ الْأَمْلَاكِ، لَا مَلِكَ إِلَّا اللهُ».
[صحيح] - [الرواية الأولى: متفق عليها.
الرواية الثانية: رواها مسلم] - [صحيح مسلم: 2143]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ් අබියස නමින් ඉතා පහත්ම තැනැත්තා ‘රජවරුන්ගේ රජු’ යැයි නම් තබා ගන්නා මිනිසා ය. අල්ලාහ් හැර වෙනත් රජෙකු නොමැත.”
තවත් වාර්තාවක: “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ට මහත් සේ කෝපය ඇති කරන වඩාත් කිලිටි හා වඩාත් කෝපජනක කරුණ වනුයේ ‘රජවරුන්ගේ රජු’ යැයි නම් තබා ගන්නා මිනිසා ය. අල්ලාහ් හැර වෙනත් රජෙකු නොමැත.”
සුෆ්යාන් තුමා මෙසේ පැවසූහ. “උදාහරණ වශයෙන් ප්රධානින්ගෙන් ප්රධානියා යනුවෙන් පවසන්නාක් මෙනි” අහ්මද් ඉබ්නු හන්බල් තුමා මෙසේ පැවසීය. මම අබූ අම්ර්ගෙන් ‘ඉතා පහත්’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැ?යි විමසුවෙමි. එවිට එතුමා ‘වඩාත් අවමන් සහගත’ යනුවෙන් පැවසීය.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
සැබැවින්ම අල්ලාහ් ඉදිරියේ ජනයා අතර වඩාත් පහත්ම සහ වඩාත් අවමන් සහගත තැනැත්තා වනුයේ අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට සුදුසු නොවන; මහන්ත භාවය හා උඩඟුභාවය අර්ථවත් කරන ‘රජවරුන්ගෙත් රජු’ වැනි නම්වලින් නම් තබා ගන්නාය. සැබැවින්ම එහි අල්ලාහ්ට අනුකරණයක් පිහිටනු ඇත. තමන්ව එසේ හඳුන්වා ගන්නා හෝ එසේ හඳුන්වනු ලබන පුද්ගලයා සැබැවින්ම අල්ලාහ්ට ආදේශ කරන්නෙකි. එහෙයින් එවන් නාමයෙන් නම් තබනු ලැබූ තැනැත්තා ජනයා අතරින් අල්ලාහ් වෙත වඩාත් උදහස ගෙන දෙන්නෙකි. වඩාත් කිලිටි තැනැත්තෙකි. සැබැවින්ම ජනයා අතරින් වඩාත් කෝප ජනක යන පදයෙන් එය අර්ථවත් කරයි. සැබැවින්ම විශ්වයට කිසිදු රජකු නොමැත. එහි උත්තරීතර අල්ලාහ් හැර වෙනත් රජවරුන්ගෙන් රජකු එහි නොමැත. මෙම හදීසය අවවාද කර ඇති විෂයයෙහි නොවැටෙන පරිදි මිනිසුන් හට අර්ථය නිවැරදිව වටහා නොගෙන නම් හා පටබැදි නම් භාවිත කරන්නන් හට මෙනෙහි කිරීමක් හා උපදෙසක් මෙහි පවතී. අල්ලාහ්ම අපට උදව් කරත්වා!