كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْتِي مَسْجِدَ قُبَاءٍ رَاكِبًا وَمَاشِيًا، فَيُصَلِّي فِيهِ رَكْعَتَيْنِ.
وَفِي لَفْظٍ: عَنِ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْتِي مَسْجِدَ قُبَاءٍ كُلَّ سَبْتٍ، مَاشِيًا وَرَاكِبًا، وَكَانَ عَبْدُ اللَّهِ بْنُ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا يَفْعَلُهُ.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1193]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ පවසා වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පා ගමනින් හා වාහනිකව කුබා දේවස්ථානය වෙත ගොස් එහි රකආත් දෙකක් සලාත් ඉටු කරන්නෙකු වූහ.
තවත් වාර්තාවක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෑම සෙනසුරාදා දිනකම පා ගමනින් හෝ වාහනිකව හෝ කුබා දේවස්ථානය වෙත ගමන් ගත්හ. ඉබ්නු උමර් තුමා ද එසේ සිදු කරන්නෙකු වූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇත]
ඉස්ලාමයේ පළමු දේවස්ථානය ඉදි කරනු ලැබූ කුබා ප්රාන්තය මදීනාවට ඉහළින් මදීනා මධ්යස්ථානයට සමීපව පිහිටා ඇති ප්රදේශයකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එහි පා ගමනින් හෝ වාහනිකව හෝ ගොඩ වදින්නට වූහ. ‘සෑම සෙනසුරාදා දිනකම’ යන එතුමාගේ ප්රකාශය වනාහි, සැබැවින්ම එතුමා ගමන් බිමන් යෑමට ඇතැම් දිනයන් වෙන් කර ගත්හ. එතුමා සෑම සතියකම සෙනසුරාදා දින කුබා දේවස්ථානයට පියනැගීමේ ප්රඥාව වූයේ සැබැවින්ම එතුමා අන්සාර්වරුන් සමග සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා විය. එහිද ඔවුන්ගේ තත්ත්වයන් එහි ජුමුආ සලාතයට සහභාගි වීමට ප්රමාද වූවන්ගේ තත්ත්වයන් පරීක්ෂා කර බැලීමටය. එසේ සෙනසුරාදි දිනය වෙන් කිරීමේ රහස එයයි.