«عَلَى الْمَرْءِ الْمُسْلِمِ السَّمْعُ وَالطَّاعَةُ فِيمَا أَحَبَّ وَكَرِهَ، إِلَّا أَنْ يُؤْمَرَ بِمَعْصِيَةٍ، فَإِنْ أُمِرَ بِمَعْصِيَةٍ فَلَا سَمْعَ وَلَا طَاعَةَ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 1839]
المزيــد ...
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුස්ලිම් පුද්ගලයකු හට පාපකාරී කටයුත්තක් අණ කරනු ලැබුවහොත් මිස තමන් ප්රිය කරන මෙන්ම පිළිකුල් කරන දෑහි සවන් දීමත් අවනත වීමත් අනිවාර්යය වන්නේය. පාපකාරී කටයුත්තක් අණ කරනු ලැබූ විටෙක සවන් දීමට හෝ අවනත වීමට හෝ අවශ්ය වන්නේ නැත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
පාලකයා විෂයයෙහි ඔහු කවර කරුණක් නියෝග කරන්නේ ද එම නියෝගය අප ප්රිය කළද පිළිකුල් කළද එහිදී අපි ඔහුට සවන් දීමත් අවනත වීමත් අනිවාර්යය බව මෙම හදීසයේ පැහැදිලි කර ඇත. නමුත් පාපකාරී කටයුත්තක් සම්බන්ධයෙන් අපට නියෝග කරනු ලබන්නේ නම් එම පාපකාරී කටයුත්තෙහි පමණක් ඔහුට සවන් දීමට හෝ අවනත වීමට හෝ අවශ්යය වන්නේ නැත.