ප්‍රවර්ගය:
+ -
عَن عُمَرَ بْنِ الخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«إِذَا أَقْبَلَ اللَّيْلُ مِنْ هَا هُنَا وَأَدْبَرَ النَّهَارُ مِنْ هَا هُنَا وَغَرَبَتِ الشَّمْسُ فَقَدْ أَفْطَرَ الصَّائِمُ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1954]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී, “රාත්රිය මෙහි සිට උදා වී දහවල මෙහි සිට බැස යන විට උපවාසය රකින්නා උපවාසයෙන් මිදුණි.”

الملاحظة
رجاءا صححوا من ها هنا....
النص المقترح عن عمر بن الخطاب رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «إذا أقبل الليل من هَهُنا، وأَدْبَرَالنهار من ههنا، فقد أفطر الصائم».

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

ආගමානුගත කරන ලද උපවාසයේ වේලාව වනුයේ අලුයම උදාවේ සිට හිරු බැස යන තෙක්ය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම සමූහයාට ප්රයෝජනවත් වන අයුරින් මෙසේ පවසා සිටියහ. සැබැවින්ම නැගෙනහිර දෙසින් රාත්රිය ඉදිරියටවිත් බටහිර දෙසින් දහවල -හිරු අවරට යාමෙන්- ගෙවී ගිය විට තවත් හදීසයක සඳහන් පරිදි “රාත්රිය මෙහි සිට උදා වී දහවල මෙහි සිට පසුබා හිරු අවරට ගිය විට උපවාසය රකින්නා උපවාසයෙන් මිදුණි.” උපවාසයෙන් මිදෙන වේලාව තුළට උපවාසය රකින්නා පිවිසුණු විට එය ප්රමාද කිරීම ඔහුට අවශ්ය වන්නේ නැත. ඒ ගැන දොස් නගනු නොලැබේ. එය ආගම නීතිගත කළ තැනැත්තාගේ නියෝගය පිළිපැදීමක් මෙන්ම අවනතභාවය ස්තීර කිරීමක්, නැමදුමෙහි වේලාව ඒ හැර සෙසු කටයුතු වලින් වෙන් කිරීමක් හා තම ආත්මයට ජීවිතයේ භුක්ති විදින්නට අනුමත දැයින් එහි අයිතිය පිරිනැමීමක් ලෙසිනි. “සැබැවින්ම ඔහු උපවාසයෙන් මිදිණ” යන ප්රකාශය අදහස් දෙකක් දරා ඇත. අ) නීතිමය වශයෙන් ඉෆ්තාර් වේලාව තුළට පිවිසීමෙන් උපවාසයෙන් මිදෙන්නා ආහාර අනුභව නොකළ ද ඔහු උපවාසයෙන් මිදිණ යන්නයි. ඇතැම් හදීස්වල උපවාසය මිදීම ඉක්මන් කිරීම සඳහා දිරි ගන්වා ඇත. ඉන් අදහස් වන්නේ ආගමික මතයට සාපේක්ෂව ඉෆ්තාර් ක්රියාවලිය මත හැඟීම් උද්දීපනය කිරීමක් වන්නේය. (ආ) එසේ නැතහොත් අර්ථය මෙසේ විය යුතුය. උපවාසයෙන් මිදෙන කාලය තුළට ඔහු පිවිසීය. එහි මාතෘකාවට අනුව උපවාසයෙන් මිදීම ඉක්මන් වීම සඳහා උනන්දු කරවීමක් වන්නේය. එය බුහාරි තුමාගේ “ඉෆ්තාරය නියම විය’ යන වාර්තාව තවදුරටත් තහවුරු කරයි.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු ටගාලොග් කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර