ප්‍රවර්ගය: . . .
+ -
عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ:

مِنْ كُلِّ اللَّيْلِ قَدْ أَوْتَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ أَوَّلِ اللَّيْلِ، وَأَوْسَطِهِ، وَآخِرِهِ، فَانْتَهَى وِتْرُهُ إِلَى السَّحَرِ.
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 745]
المزيــد ...

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “රාත්රිය ආරම්භයේ එහි මධ්යයේ මෙන්ම එහි අවසානයේ යන රාත්රියේ සෑම කොටසකම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විත්ර් ඉටු කර ඇත. එතුමාගේ විත්ර් සලාතය සහර් වේලාවේ අවසන් විය.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්රියේ විත්ර් සලාතය ඉටු කළ වේලාව පිළිබඳව දේව විශ්වාසීන්ගේ මාතාවක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියාය. සැබැවින්ම එතුමා නියමිත වේලාවක් ඒ සඳහා නියම කළේ නැත. රාත්රියේ සෑම හෝරාවකම පාහේ විත්ර් ඉටු කර ඇත්තාහ. ඇතැම් විට ඉෂා සලාතය ඉටු කරන මොහොතේ ඉටු කර ඇත. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඉන් පසුව ද එතුමා ඉටු කර ඇත. ඇතැම් විට රාත්රියෙන් තුනෙන් කොටසක් ගත වීමෙන් පසුව මධ්යම රාත්රියේ ඉටු කර ඇත. තවත් විටෙක රාත්රිය අවසානයේ එහි තුනෙන් කොටස් දෙකක් ගත වීමෙන් පසු ඉටු කර ඇත. මෙසේ රාත්රියේ අවසන් හෝරාව දක්වාම එතුමාණන් විත්ර් සලාතය ඉටු කර ඇත.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
අමතර