සංස්කරණය: . . .
عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«مِنَ الْكَبَائِرِ شَتْمُ الرَّجُلِ وَالِدَيْهِ» قَالُوا: يَا رَسُولَ اللهِ، وَهَلْ يَشْتِمُ الرَّجُلُ وَالِدَيْهِ؟ قَالَ: «نَعَمْ يَسُبُّ أَبَا الرَّجُلِ فَيَسُبُّ أَبَاهُ، وَيَسُبُّ أُمَّهُ فَيَسُبُّ أُمَّهُ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 90]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “මිනිසා තම දෙමාපියන්ට බැණවැදීම මහා පාපයන් අතරින් එකකි.” එසේ මිනිසා තම දෙමාපියන්ට බැණ වදිනු ඇත්දැ?යි විමසන ලදී. එතුමා “එසේය. ඔහු තවත් මිනිසකුගේ පියාට බැණ වදී. ඔහු මොහුගේ පියාට බැණ වදිනු ඇත. ඔහු ඔහුගේ මවට බැණ වදී. ඔහු ද මොහුගේ මවට බැණ වදිනු ඇත. යැයි පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

දෙමව්පියන්ට කළ යුතු යුතුකම්වල වැදගත්කම මෙම හදීසය පෙන්වා දෙයි. ඔවුන් දෙපළ හිංසාවට ලක්වීම හා බැණ වදිනු ලැබීමට හේතුවක් වීම මහා පාපයන් අතරින් එකක් වන්නේය. එසේ ඔවුන් දෙපළට බැණ වැදීම හා දොස් නැගීමට හේතුවක් වන්නේ නම් ඔවුන් දෙදෙනාට ඍජුව දොස් නැගීම කොතරම් අශීලාචාර ක්රියාවක් ද? ඔවුන් දෙදෙනාට බැණ වැදීම මහා පාපයන්ගෙන් එකක් යැයි දන්වා සිටීමෙන් පසුව එහි සහභාගී වී සිටියවුන් ඒ ගැන පුදුමයට පත් විය. එය මිනිසෙකු ඍජුව තම දෙමාපියන්ට බැණ වැදීම යනු තම සහජ බුද්ධියට දුරස් වූවක් බැවිණි. එවිට එතුමා සැබැවින්ම එය සිදු වනුයේ ඔවුන් දෙදෙනාට බැණ වැදීමට හේතුවක් වන මාර්ගයක කෙනෙකු වැටීමෙන්ය යනුවෙන් ඔවුනට දන්වා සිටියහ. එනම් පුද්ගලයකුගේ පියාට හෝ මවට හෝ බැණ වැදීමෙන් ඔහුගේ පියාට හෝ මවට බැණ වැදීමට සැළැස්වීම තුළිනි.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: الإنجليزية الأوردية الإسبانية අමතර (14)
සංස්කරණ
  • . .
  • . .
අමතර