عَنْ عَائِشَةَ رضي الله عنها:

أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي صَلَاتَهُ بِاللَّيْلِ وَهِيَ مُعْتَرِضَةٌ بَيْنَ يَدَيْهِ، فَإِذَا بَقِيَ الْوِتْرُ أَيْقَظَهَا، فَأَوْتَرَتْ. وعَنْها قَالَتْ: كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي مِنَ اللَّيْلِ، فَإِذَا أَوْتَرَ، قَالَ: «قُومِي فَأَوْتِرِي يَا عَائِشَةُ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා රාත්රියේ සලාතය ඉටු කරන්නට වූහ. ඇය එතුමා ඉදිරියේ හරහට (නිදමින්) සිටියහ. විත්ර් සලාතය ඉතිරිව තිබයදී එතුමා ඇයව අවදි කරවයි. පසුව ඇය විත්ර් ඉටු කරන්නීය. තවත් වාර්තාවක: විත්ර් ඉතිරව තිබෙන විට එතුමාණෝ “අහෝ ආඉෂා, ඔබ අවදි වී විත්ර් ඉටු කරනු.“ යැයි පැවසූ බව සඳහන් වේ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

හදීසයේ තේරුම: සැබිවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා රාත්රී සලාතය ඉටු කරන්නට වූහ. ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය එතුමා ඉදිරියේ හරහට නිදමින් සිටියායය. බුහාරි හා මුස්ලිම්හි සඳහන් තවත් වාර්තාවක. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා රාත්රියේ සලාතය ඉටු කරමින් සිටියහ. මම එතුමා හා කිබ්ලාව අතර ජනාසාවක් හරහට සිටිනවාක් මෙන් නිදමින් සිටියෙමි යැයි ආඉෂා තුමිය පැවසූ බව සඳහන් වී ඇත. තහජ්ජුද් සලාතය ඉටු කොට, අවසන් වූ කල්හි විත්ර් සලාතය ඉටු කිරීමට මත්තෙන් එතුමිය විත්ර් ඉටු කරනු වස් එතුමියව එතුමා අවදි කළහ. තවත් වාර්තාවක විත්ර් ඉතිරිව තිබෙන විට අහෝ ආඉෂා, ඔබ අවදි වී විත්ර් ඉටු කරනු යැයි පවසා ඇත. අබූ දාවුද් හි සඳහන් තවත් වාර්තාවක, විත්ර් සලාතය ඉටු කරන තෙක් විය. පසුව ඇයව අවදි කළහ. ඇය විත්ර් සලාතය ඉටු කළාය. තේරුම: සැබිවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මුල් රාත්රියේ එතුමියට නිදන්නට හැරියේය. එතුමා විත්ර් සලාතය හැර අනෙකුත් සලාත් ඉටු කිරීමෙන් පසුව මිස ඇයව අවදි නොකළහ. ඇය ද විත්ර් සලාතය ඉටු කරනු වස් ඇයව එතුමා අවදි කළහ. නින්දේ මැලිකම ඇති නොවනු වස් අවදි වූ වහාම ඇය විත්ර් ඉටු කිරීමට යුහුසුළු වූවාය. ඇය එය ප්රමාද කර තිබුණේ නම්, ඇයට එය මඟහැරනේනට තිබිණ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර