ප්‍රවර්ගය:
عَنْ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي جَنَازَةٍ، فَأَخَذَ شَيْئًا فَجَعَلَ يَنْكُتُ بِهِ الأَرْضَ، فَقَالَ:

«مَا مِنْكُمْ مِنْ أَحَدٍ إِلَّا وَقَدْ كُتِبَ مَقْعَدُهُ مِنَ النَّارِ، وَمَقْعَدُهُ مِنَ الجَنَّةِ» قَالُوا: يَا رَسُولَ اللَّهِ، أَفَلاَ نَتَّكِلُ عَلَى كِتَابِنَا، وَنَدَعُ العَمَلَ؟ قَالَ: «اعْمَلُوا فَكُلٌّ مُيَسَّرٌ لِمَا خُلِقَ لَهُ، أَمَّا مَنْ كَانَ مِنْ أَهْلِ السَّعَادَةِ فَيُيَسَّرُ لِعَمَلِ أَهْلِ السَّعَادَةِ، وَأَمَّا مَنْ كَانَ مِنْ أَهْلِ الشَّقَاءِ فَيُيَسَّرُ لِعَمَلِ أَهْلِ الشَّقَاوَةِ»، ثُمَّ قَرَأَ: {فَأَمَّا مَنْ أَعْطَى وَاتَّقَى وَصَدَّقَ بِالحُسْنَى} [الليل: 6] الآيَةَ.
[صحيح] - [متفق عليه]
المزيــد ...

අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ‘බකීඃ අල් අර්කද්’ නම් ස්ථානයේ ජනාසාවකට සහභාගී වී සිටියෙමු. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ අප වෙත පැමිණ; වාඩි වූහ. අප ද එතුමා වටා වාඩි වූයෙමු. එතුමා සතුව නැවුනු හිසක් සහිත සැරයටියක් විය. පසුව එතුමා පහත් වී එතුමාගේ සැරයටියෙන් පොළව ගරහන්නට වූහ. පසුව එතුමා: "c2">“නුඹලා අතරින් කිසිවකු හෝ වේවා, අපා ගින්නෙන් වූ අසුනක් හෝ ස්වර්ගයෙන් වූ අසුනක් හෝ ඔහුට නියම කෙරී තිබෙනු මිස නැත.” යැයි පැවසීය එවිට ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණනි! අපට නියම කළ දෑ මත අපි සිටිය යුතු නොවේ ද? එවිට එතුමා "c2">“නුඹලා නැමදුම් ඉටු කරනු. සියලු දෑ එය කවර කරුණක් සඳහා මවනු ලැබුවේ ද එයට පහසු කරනු ලබන්නක් වේ.” යැයි පැවසූහ. එම හදීසය සම්පූර්ණයෙන්ම මෙනෙහි කළේය.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මදීනා වාසීන්ගේ මිනී වළ දමන ස්ථානයක ඔවුන් අතර මිය ගිය අයකුගේ අවසන් කටයුතු සඳහා සහාබාවරු රැස්ව සිටියෝය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ද තම මිතුරන් අතර වාඩි වූහ. එතුමාගේ අතේ සැරයටියක් විය. එතුමා එහි හිස පොළවෙහි තබා, දුකින් කල්පනා කරන්නෙකු මෙන් පොළවට බරවී සිටියහ. එම සැරයටියෙන් පොළව ගරහන්නට ගත්හ. පසුව මෙසේ පැවසූහ: සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ජනයා සතු ප්රමාණයන් නියම කරනු ලැබ ඇත. ඔවුන්ගේ නවාතැන් ස්වර්ගයේ මෙන්ම නිරයේ ද නියම කරනු ලැබීය. ඔවුන් එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් සවන් දුන් කල්හි, ඔවුහු: සැබැවින්ම අභාග්යවන්තයා අභාග්යවන්තයකු බවටත් භාග්යවන්තයා භාග්යවන්තයකු බවටත් එමෙන්ම ස්වර්ගයේ සිටින්නා ස්වර්ගයේ සිටින බවටත් අපා ගින්නේ සිටින්නා අපා ගින්නේ සිටින බවටත් කල් ඇතිව නියම වී තිබෙන තාක්කල් හෝ තීන්දු කර තිබෙන තාක්කල් කරුණ එසේම පවතී. එසේ නම් නැමදුම් කිරීම අප අත්හැර දමන්න ද? සැබැවින්ම එසේ පරිශ්රමය යෙදීමෙහි කිසිදු ඵලක් නැත. හේතුව සෑම දෙයක්ම සටහන් කරනු ලැබ නියම කෙරි ඇති බැවිණි යැයි පැවසුවෝය. පසුව ඔවුනට පිළිතුරු වශයෙන් එතුමා: නුඹලා නැමදුම් කටයුතුවල නිරත වන්න. අල්ලාහ් නියම කළ යහපත හෝ අයපත මත පමණක් බැඳී නොසිටින්න. නුඹලාට කවර කරුණක් නියෝග කර ඇත්තේ ද ඒ අනුව කටයුතු කරන්න. කවර කරුණක් නුඹලාට තහනම් කරනු ලැබුවේ ද එයින් වැළකී සිටින්න. සැබැවින්ම ස්වර්ගය ක්රියාව හේතුවෙන් මිස පැමිණෙන්නේ නැත. අපා ගින්න ක්රියාව හේතුවෙන් මිස පැමිණෙන්නේ නැත. නිරා වාසීන්ගේ ක්රියාවන් ඉටු කළ අය හැර වෙනත් කිසිවකු නිරා ගින්නට පිවිසෙන්නේ නැත. ස්වර්ගවාසීන්ගේ ක්රියාවන් ඉටු කළ අය හැර වෙනත් කිසිවෙක් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. සෑම කෙනෙකුම කවර යහපතක් හෝ කවර අයහපතක් වෙනුවෙන් මවනු ලැබ ඇත්තේ ද ඒ සඳහා ඔහුට එය පහසු කරනු ලබන්නක් වේ. එහෙයින් කවරෙකු භාග්යවන්තයින් අතර වූයේ ද අල්ලාහ් ඔහුට භාග්යවන්තයින්ගේ ක්රියාවන් ඉටු කිරීමට පහසු කරනු ඇත. එමෙන්ම කවරෙකු අභාග්ය වන්තයින් අතරින් කෙනෙකු වූයේ ද අල්ලාහ් ඔහුට අභාග්යවන්තයින්ගේ ක්රියාවන් සිදු කිරීමට පහසු කරනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

ප්‍රවර්ග
අමතර