سُئِلتْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا:

كَيْفَ كَانَتْ صَلاَةُ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِاللَّيْلِ؟ قَالَتْ: كَانَ يَنَامُ أَوَّلَهُ وَيَقُومُ آخِرَهُ، فَيُصَلِّي، ثُمَّ يَرْجِعُ إِلَى فِرَاشِهِ، فَإِذَا أَذَّنَ المُؤَذِّنُ وَثَبَ، فَإِنْ كَانَ بِهِ حَاجَةٌ، اغْتَسَلَ وَإِلَّا تَوَضَّأَ وَخَرَجَ.
[صحيح] - [متفق عليه]
المزيــد ...

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. "c2">“සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා රාත්රිය ආරම්භයේ නිදා ගෙන, එහි අවසානයේ අවදි වී සලාතය ඉටු කරන්නෙකු වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියි. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා රාත්රිය ආරම්භයේ නිදා ගන්නෙකු වූහ. එය ඉෂා සලාතයෙන් පසුවය. එහි අවසානයේ අවදි වෙයි. එනම්: රාත්රියේ දෙවන භාගයේ තුනෙන් එක් කොටසකය. එතුමා සලාතය නිමා කළ විට නිදා ගැනීම සඳහා එතුමාගේ නිදියහනට නැවතත් යොමු වෙයි. එය රාත්රියෙන් අවසාන හයෙන් එක් කොටසක් තුළය. එය රාත්රියේ අවදිවීමෙන් වෙහෙසට පත් වූ එතුමාගේ ශරීරය විවේකය ලබනු පිණිසය. එහි තවත් යහපතක් වනුයේ සුබ්හු සලාතය පිළිගැනීම හා ඉතා උනන්දුවෙන් දහවල් කාලයේ අල්ලාහ්ව මෙනෙහි කිරීමට හා පිළිගැන්වීමටය. සැබැවින්ම එය ප්රදර්ශනය කිරීමකින් තොර තත්ත්වයට වඩාත් සමීප වේලාව බැවිණි. කවරෙකු රාත්රියේ අවසන් කොටසෙහි නිදා ගත්තේ ද ඔහු නිරෝගී ශක්තිමත් හා පැහැපත්ව අවදි වනු ඇත. එමෙන්ම එය ඊට පෙර සිදු කළ ක්රියාව මිනිසුන් නොදකින පරිදි සැගවීමටත් වඩාත් සමීප වන බැවිණි. නිදන්නන් අවදි කිරීමටත් අවදිව සිටින්නන් නැවත හැරවීමටත් පළමු අදානය පැමිණියේ එබැවිනි. එනම් අවදිව සිටින්නා නැවත නින්දට යයි. එය තම ශරීරය ශක්තියෙන් හා ප්රාණවත්භාවය වඩවනු පිණිසය. නිදන්නා වනාහි සලාතයට සූදානම් වන තෙක් අවදිව ඉන්නට බලයි. ඔහු රාත්රිය ආරම්භයේ විත්ර් ඉටු නොකළේ නම් ඔහුගේ විත්ර් සලාතයද ඉටු කරයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර